Monday, June 21, 2021

ජයලාල් රෝහණ

 

v

අද අපි කතා කරන්නේ  නොබෝදා අපි අතරින් වියෝ වුණු කෘතහස්ත  සම්මානලාභී  ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන ජයලාල් රෝහණයන් පිළිබඳ. ඒ පිලිබදව කතා කරන්න

අද  මා සමඟ සම්බන්ධ වන්නේ රජරට විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා පීඨයේ මහාචාර්ය සේන නානායක්කාර මහත්මා. ඇදුරුතුමනි, ඇත්තටම ඔබත් සමඟ ඉතාම හොඳ සහසම්බන්ධයක් තිබුණු කෙනෙක් තමයි මේ ප්‍රවීණ රංගධරයා. මං ආසයි දැනගන්න  ඇත්තටම කවුද ජයලාල් රෝහණ කියන්නේ?

මේ සාකච්ඡාව ඉතාම හොඳ කාලෝචිත සාකච්ඡාවක් වේවි කියලා මම හිතනවා.
ජයලාල් රෝහණ කියන නම ඇත්ත වශයෙන්ම වචන දෙකක් විතරයි සහ එක නමක් කියලා සරලව ගත්තොත් හිතන්න පුළුවන්. නමුත් එය ඉතාම බරසාර අර්ථපූර්ණ ඒ වගේම මේ ලෝකයේ සමහර විටෙක අපි නොහිතනා මට්ටමේ  සංකීර්ණ  අරුත් නාමධාරී  පුද්ගලයෙක්. සාමාන්‍ය මනුස්සයෙක් ගත්තහම අපි දකින්නේ සාමාන්‍යයෙන් හිස කඳ බඩ අත පය  සහිත අවයව වලින් සමන්විත සාමාන්‍ය පුද්ගල ශරීරයක් සහ සරල වශයෙන් ගත්තාම හිතන්න පුළුවන් හෝ නුපුළුවන් හෝ ඒක අඩු වැඩි වශයෙන් තියන මිනිස් ප්‍රාණයක්. හැබැයි ජයලාල් රෝහණ කියන නමත් එක්ක බැඳිච්ච ශාරීරික මානසික ස්වරූපය ගත්තහම  හිතෙනවා ඒක ලෝකයක් කියල. එච්චර ලෝකය පිළිබඳ සමාජය පිළිබඳ තමන් උපන් බිම් පිළිබඳව  එහෙමත් නැත්තං තමන් අතපත ගාන ස්පර්ශ කරන ඒ අධ්‍යාපනික වටපිටාව පිළිබඳව ඉතාම පුළුල් දැනුමක් සහිත සබුද්ධික පුද්ගලයෙක් තමයි ජයලාල් රෝහණ. මේක මම කියන්නේ ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම සිදු වෙච්ච ඒ සිද්ධි දාමය බොහොම ගැඹුරු විශ්ලේෂණයකට පත්කරලා කිව්වොත් නිවැරදියි.  මොකද 1964 නොවැම්බර් පළවෙනිදා  ලංකාවේ කෝට්ටේ තමයි ජයලාල් රෝහණ ඉපදෙන්නෙ. එතකොට අපට හිතෙනවා ඔහු ගැමියෙක් නෙමෙයි කියලා. ඇත්ත වශයෙන්ම ගැමියෙක් නෙවෙයි. ඔහු ඉගෙන ගත්තේ ආනන්ද ශාස්ත්‍රාලයේ. එතකොට  ඉතාමත් තදබල විදියෙ නාගරිකත්වය ආරෝපණය  වෙච්ච මනුෂ්‍යයෙක් වෙන්න ඕනේ ඔහු
.  නමුත් ඔහුගේ මුළු ජීවිත කාලය  ම මේ රටේ හතර දිග්භාගයේ අස්සක් මුල්ලක් නෑර නොගිය තැනක් නෑ. ගම් වලට ගිහින් ගවේෂණය කරලා  හොයල දැන කියාගත්ත හරිහම්බ කරගත්ත දැනුම් සම්භාරය රටට දීපු ඉතාම උසස් ගණයේ චරිතයක් කියන හැඟීම තමයි මගේ ගාව තියෙන්නේ.

 

ඔහුගේ ජීවිකාව එක්ක බැඳිච්ච චරිතය මං හිතන්නේ ඉතාම ආදර්ශවත් පරමාදර්ශී කිව්වොත් එක්තරා ආකාරයකට නිවැරදි. අපි සාමාන්‍ය මනුස්සයෙක් දිහා බලනකොට දෛනික චර්යාව තුළ  වැඩ කරන ප්‍රමාණය, නිදාගන්නා පැය ප්‍රමාණය එහෙම නැත්තං අපි යම් කිසි දෙයක් පිළිබඳ  ගැඹුරින් හිතන කාල වේලාව අනුව ඒවාට සරල අර්ථ දෙනවා.  ඒවට සීමාවල් තියෙනවා. හැබැයි ජයලාල් රෝහණට එහෙම වුණේ නෑ. ඒක විශේෂම කාරණාවක්.  මම ජයලාල්ව දකින්නේ මූලික වශයෙන් කාරණා තුනකින්. මට හිතෙන්නේ පළවෙනි කාරණාව තමයි ඔහුගේ හැදෑරීම් කියන එක, study කියන එක. සමහරවිට ගවේෂණය කියන කාරණයත් එක්ක බැඳිච්ච, නිරන්තර අරගල කරපු චරිතයක්. වෙලාවකට මට හිතෙනවා ඇකඩමික් කියන වචනය දැම්මොත් යම්තාක් දුරක කොතන හරි ඉන්න කල්ලියකට නැත්නම් කණ්ඩායමකට පුද්ගලයෙකුට අපි හිතමු ආයතනික ශාස්ත්‍රාලීය පරිචයක් ගත්ත කෙනෙකුට එක්තරා ආකාරයකට පොඩි  තිගැස්මක් ඇති වෙන්න ඉඩ තියෙනවා,  ජයලාල් මොනවාද කරලා තියෙන්නේ ඇකඩමික්   කෙනෙක්වෙන්න කියලා. හැබැයි ඔහු පැහැදිලිවම මම දන්න විදිහට සාම්ප්‍රදායික ආයතනින දැනුම් සම්භාරයක් ක්‍රමිකව ගොඩනඟා ගත්ත කෙනෙක් නෙවෙයි. ඔහු ඔහුගේ ජීවිත තක්සලාව තුළින් ගොඩනගා ගත්ත දැනුමත් එක්ක බැඳුණු  දැනුම ආයාසයෙන් බොහොම පරිශ්‍රමයෙන් ගොඩනගා ගත්තු කෙනෙක්. ඔහු අවුරුදු දොළහේදී දහතුනේ දී විතර තමයි ඔහුගේ පියා මිය යන්නේ. ඉන් අනතුරුව ඔහුට සල්ලිත් තිබුන්නෑ. සාමාන්‍ය දුප්පත් පවුලක ඉපදිච්ච කෙනෙක් ඉතාම දුප්පත් මට්ටමේ නොවුනත් ජීවිතයට ප්‍රමාණවත් අර්ථ පරිචයක් තිබුණේ නෑ, ඔහුගේ පවුල ඇතුලේ. සතියකට දවස් දෙක තුනක් පාසල් යනවා. තවත්   දවස් දෙක තුනක් වෙන තැන්වල කුලී වැඩට යනවා දෛනික කුලියක් හොයා ගන්නවා. හරි හම්බ කර ගත්තු ශ්‍රමය විකුනපු කම්කරුවෙක් වෙච්ච කුලීකාරයෙක් වෙච්ච මහා දැනුම්ක් හොයපු කෙනෙක්, ඔහු. පොත්පතේ පෙළ පොතේ අකුරු විතරක් නෙවෙයි, සිමෙන්ති අනන්න, concrete අනන්න, ගඩොල් පිළිවෙලකට තියලා ගඩොල් වරියක් හරියටම කොහොමද තියන්න කියලා ලඹේට තියලා කැට කපලා දෙන්න ඔහු දන්නවා. ඔහුගේ ගුරුවරු සහ ඔහුට ලැබිච්ච සහෘද වටපිටාව බලාපොරොත්තු වුණේ ඇත්ත වශයෙන්ම ඔහු අධ්‍යාපනයේ ඉහළම තැනකට යවන්න.  ඔහු ඒ හින්දම උසස් පෙළ කළා. හැබැයි විශ්වෙවිද්‍යාලයේ ගියේ නැහැ. නමුත්  ඔහු මිය යනකොට  විශ්වවිද්‍යාල පහක බාහිර කථිකාචාර්යවරයෙක් ඒ කියන්නේ ඔහු  පැහැදිලිවම academic කෙනෙක්.    

 

 

 

එක තැනකදි මට මතකයි ඔහු කියනවා ශ්‍රී ලංකාවේ ශාක්ෂරතාවය කියන්නේ ඇමරිකාවෙන් අපිට දීපු අන්ඩරයක්, අපි ලොකු අන්ඩරයක් ගිලල ඉන්නේ, මේ අකුරක් ලියාගන්න පුළුවන් කියන්නේ ශාක්ෂරතාවයට නෙමෙයි, ශාක්ෂරතාවය කියන්නේ දෙයක් තේරුම් ගැනීමේ ශක්තිය ඇති අයටයි කියලා. 2007 දී පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන්  ඔහු සාමාන්‍ය  ශාස්ත්‍රවේදී උපාධිය ගත්තා. ඒක ගත්තෙ බාහිර උපාධියක් විදිහට අපි ලබා ගත්ත ක්‍රමික අධ්‍යාපනය නෙවෙයි.  සංකීර්ණ  සටනක් මැද්දේ  ලබපු ජයග්‍රහණයක් පස්සේ ඔහු ශාස්ත්‍රපති උපාධි තුනක් ලබනවා කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි දෙකක් සහ පේරාදෙණිය විද්‍යාලයෙන් තවත් එකක්  විදියට.  දර්ශනය, නාට්‍ය හා රංග කලාව  සහ  සමාජීය විද්‍යාව.  හිතලා බලන්නකෝ මේ විවිධ විෂය පරාසයන් තුළ ඔහු කොච්චර දුර ගමනක් ගිහිල්ලා තියනවද කියන කාරණය ඊට පස්සේ ඔහු ජාත්‍යන්තර  නාගානන්ද බෞද්ධ අධ්‍යයන  මධ්‍යස්ථානයේ  ආචාර්ය  උපාධිය සඳහා දේශීය නාට්‍ය කලාවේ මනෝචිකිත්සනයෙහි වැදගත්කම පිළිබඳව අධ්‍යනයක් කළා. මම එහි පර්යේෂණ උපදේශක. එතකොට හිතලා බලන්ඩ මොන තරම් සුවිසල් හැදෑරීමක් මේ මනුස්සයා කරල තියෙනවද කියන එක. ඔහුගේ දර්ශනපති උපාධිය බෞද්ධ දර්ශනයත් එක්ක තමයි ඈදෙන්නේ.

ඔහුගේ ක්‍රියාපටිපාටිය වැඩිපුර බැඳුණේ නාට්‍ය හා රංග කලාවත් එක්ක. එතකොට ඔහු මේ රටේ තිබිච්ච සියලුම නාට්‍ය පාඨමාලාවලට  බැඳීලා හිටියා. මට කැට තියලා කියන්න පුලුවන් වැඩිපුරම දේශීය හා විදේශීය නාට්‍ය වැඩමුළුවලට සහභාගී වෙච්ච නාට්‍යලෝලියා තමයි ජයලාල් රෝහණ මහතා. බෙල්ජියම් ජාතික Rudy Corrence කියන්නේ ලෝක ප්‍රකට නාට්‍ය විශාරද යෙක්.  Corrence ගේ නාට්‍ය  පාඨමාලාවක් කළා කියන්නේ එය ඉතාම වැදගත් අධ්‍යයනයක්. 1980 ගණන්වල ඔහු ඉතාමත් ප්‍රවේගකාරී   ආධුනිකයෙක්. සෝවියට් සංස්කෘතික මණ්ඩලයේ අපි 1985 මතක හැටියට නාට්‍ය පාඨමාලාවක් පටන් ගත්තා. ඒක ලංකාවෙ කෙරිච්ච සශ්‍රීක ගණයේ   ඉතාමත්ම පරිපූර්ණ පාඨමාලාවක් සෝවියට් සංස්කෘතික මණ්ඩලයෙ  අනුග්‍රහයෙන් ඒක පැවැත්තුවේ. පස්සේ කාලේ අසූවේ අපි නමින් සමාජගත කළා වෙනම සංවිධානයක්. ජයලාල් තමයි අපේ පළමු කණ්ඩායමේ පුරෝගාමි සභාපතිවරයා. එතකොට ඒකත් ඉතාම වැදගත්. අපි ඉතාම ආධුනිකයෝ විදිහට ඒ වෙලාවේ  පොල් සම්බෝලයි බතුයි කාලා ප්ලේන්ටිය ඔබාගෙන රෝස් පාන් කාලා නිරාහාරව නාට්‍ය පාඨමාලාවක් ඉගෙන ගත්තෙ ඉතාම සාර්ථකව. එතකොට 80 දශකයේ කියන්නේ සමාජ ආර්ථික දේශපාලන වශයෙන් බරපතළ අර්බුදකාරී ව්‍යසන සහිත ඉතාමත් දරුණු ගණයේ  කාල සීමාවක්.

 

ජයලාල්ට 1976දී වයස අවුරුදු දහතුනයි. ඒ කාලේ ආනන්ද ශාස්ත්‍රාලයේ සෝමා පෙරේරා කියන කෙනෙක් නිෂ්පාදනය කරලා තියෙනවා මුහුදු ගියා කියලා නාට්‍යයක්. ඒකෙ කරපු රඟපෑමට ඒ කාලේ අන්තර් විද්‍යාලීය සමස්ත ලංකා නාට්‍ය තරගාවලියේ හොඳම නළුවා බවට පත්වූයේ ජයලාල්. ඊට පස්සේ සයිමන් නවගත්තේගමගේ ගංගාවක් සපත්තු කබලක් නාට්‍යයේ රඟපාන්න  තෝරාගත්තා. පස්සේ ධම්ම ජාගොඩගේ ශිල්ප ශාලිකාවත් එක්ක එකතු වුනා. ඇත්තටම ගංගාවක් සපත්තු කබලක් එක්ක act කරාට පස්සේ   ගලප්පත්ති අයිය ඇවිත් තියෙනවා  ගංගාවක් සපත්තු කබලක් බලන්න. සයිමන් මහත්තයාගේ නාට්‍යය දැකලා තමයි එයාගෙ මුහුදු පුත්තු නාට්‍යයට එයාව තෝරගෙන තියෙන්නේ. හරි  පිළිවෙල ගත්තොත් ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක්. ඊට පස්සේ මුහුදු පුත්තු. එතනින් තමයි ඔහු ධම්ම ජාගොඩගෙ ශිල්ප ශාලිකාවට එන්නෙ. එතකොට රූඩි කොරොන්ස්, ජර්මන් ජාතික ක්ලවුඩි කුසන්බග්, සොලමන්  ෆොන්සේකාගේ වැඩමුළුවලට  එකතු වුණා

 

තව කාරණයක් තියෙනවා. අපිට සාමාන්‍යයෙන් 90 දශකයේ අවසාන වෙන්කල් වගේ ලංකාවේ සිංහලෙන්  කියවන්න අත්පොතක් තිබුණෙ නෑ. අංග රචනය පිළිබඳව ඔහු කරා සැබෑ මුහුනේ වෙස්මුහුණු කියලා පොතක්. ආලෝකකරණය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම සබේ විදුලි විලක්කුව ඇරෙන්න කිසිම පොතක්  මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් වුණේ නෑ. ලංකාවේ දැනටත් ආලෝකකරණය සම්බන්ධයෙන් එච්චරයි තියෙන්නෙ. අපි හිතුවට වඩා තීක්ෂණ ඥානයක් සහිත ප්‍රබල දෘෂ්ටිය හරි බලපෑම් සහගතයි. අපි කතා කරොත් කතා කරන්නේ වේදිකාව ගැන හරි රඟපාන එක ගැන හරි. අපි  ලිං ගෙම්බෝ වගේ පිරිසක් කියලා හිතෙනවා ජයලාල් එක්ක  සාකච්ඡා කරද්දී, ඇසුරු කරද්දී. මොකද හේතුව ඔහුට තිබුණේ ගෝලීය ඥානයක් සමහර විට අපට හිතන්න බෑ. අපට ජීර්ණය වෙන්නේ නෑ. හැබැයි කාලයක් යනකොට අපට හිතෙන්වා කොච්චර යථාර්ථයක් ද අපට පෙන්නලා දුන්නේ කියලා. ලාංකීය වේදිකා නාට්‍යවේදියෙකුට නොපිහිටන මට්ටමේ දැනුුම් පද්ධතියක් ඔහුට තිබුණා. දැනුම් සම්භාරය කොයිතරම් ද කියලා ගත්තොත් අපි දකින්නේ ටෙලිනාට්‍යයේ ඉසුරු යෝගයේ මුතුමිණ, සඳගලතැන්නෙ ග්‍රාමසේවක මහත්තයා, හිට්ලර් නාට්‍යයෙ ජර්මානු  සොල්දාදු මහත්තයා එහෙමයි කියලනේ. නමුත් ඔහුට තියෙනවා ඊට වැඩිය විශාල දැනුම් පරිචයක්. ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. හොඳ පිටපත් රචකයෙක්. සම්මාන දිනපු අංගරචනා ශිල්පියෙක්. අධ්‍යක්ෂකවරයෙක්. රංගභූමි පාලනය, ඇඳුම් නිර්මාණය, කෙටියෙන් කියනවා නම්  සියලු සකලවිධ ආනුෂංගික අංග දත් අධ්‍යක්ෂවරයෙක්. 1987  ලෝකා සියලුම සම්මාන දිනා ගන්න පුළුවන් වුණා යෞවන සම්මාන වල. මට හොඳටම මතකයි අපි ඒ කාලේ  හෙණ එළියට දාන‍ කාලේ. හෙනවලට ජයලාල් ව ගත්තෙ  ලෝකා.  පීටර් උන්නැහේ කියන්නේ නාට්‍යයේ ආරම්භයේ සිට අවසානය දක්වා එක දිගට ම වේදිකාවේ ඉන්න එකම චරිතය.  රෝහණ දවස් දෙක තුනෙන් ඒ චරිතය  හරියිටම හරි තැනින් අල්ල ගත්තා. පීටර් උන්නැහේ කියන චරිතෙ සමහර ප්‍රේක්ෂකයෝ   ඇත්තටම එවකට හිටපු රාජ්‍ය නායකයාටත් ආරෝපණය කළා.   හන්දි ගානේ ටයර් පුච්චලා, කළු දුමාරේ පරිසරය, අහස වහගෙන හිටපු කාලයක තමයි  අපි  හෙන නාට්‍යය ගෙනිච්චෙ. අද කොළඹට ඇදිරිනීතිය කියලා තමයි අපි පෝස්ටර් ගැහුවෙත්. කාලෝචිතව මිනිස්සුන්ගේ ඇහැ ගන්න, හිත ගන්න අපි කරපු ප්‍රචාරක ක්‍රමයක් ඒක. ඒ කළුවර භීෂණයත් එක්ක බැඳිච්ච නාට්‍යයක් උනා.  ජයලාල් එකේ ප්‍රධාන චරිතය පීටර් උන්නැහේ වුණා. මම ඒකෙ විප්ලවවාදී කුකුළෙක්. මට ඉතාම බරපතළ සමීපතම  ගැටුම් තිබුනේ ඒ පීටර් උන්නැහේ එක්ක.

 

ජයලාල් රෝහණ නැතිවෙච්ච මොහොතෙ මට  වසන්ත විට්ටච්චි තමයි දුරකථනයෙන් කතා කළේ. ඒක මගේ කණට එන්න කලින් ඇත්තටම දුරකථනයේ වසන්ත විට්ටච්චි කියලා  නම දැක්කට පස්සේ මට හිතුනා ඇත්තටම ඇයි මේ කියාලා. ලඟට ඇවිල්ලද නැත්තං  අනුරාධපුරේ ද කියලා මොකද පහුවදා උදේ එකොළොස් වැනිදා  උදේ නමයට මගේ ගෙදර ජයලාල් සහ තවත් කීපදෙනෙක් එන්න කැලැන්ඩරේ දින යොදාගෙන තිබුණේ එයාගෙ  ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් සාකච්ඡාවකට. දෙවෙනි කාරණය තමයි මම ශ්‍රියන්ත, ජයන්ත, කමල්, ජැක්සන්, ජයලාල්, මහේන්ද්‍ර අපි 8 දෙනෙක් එකතු වෙලා පාඨමාලාවක් පටන් ගන්න යනවා බස්නාහිර  සෞන්දර්ය කලා කේන්ද්‍රය  අනුග්‍රහයෙන්. ඒකට යෝජනාව දාලා තියෙන්නෙ. ඒකට නම දැම්මෙත් ජයලාල් art of life කියලා 

 

නාට්‍ය හා රංග කලාව කියනවට වැඩිය  art and life කලාව සහ ජීවිතය කියද්දි දැනෙනවා. වේදිකාවෙන් වමට දකුණටට ගිහිල්ලා මැදින් හිටගෙන ඩයලොග් එකක් කියන එක විතරක් නෙවෙයි කලාව කියන්නේ. අපි මිනිස්සුන්ට උගන්නන්නෙ ජීවිතය කොහොමද එකට ගෙනියන්නෙ කියන කාරණය. ඇයි මේක  ජීවිතයට අවශ්‍ය වෙන්නේ කියන එක. මේ කලාව කන්නද කියලා අහපු ජන නායකයෝ හිටපු රටක්.  අපට උවමනා වෙනවා ඇත්තටම සංවේදී පිරිපුන් මිනිස්සු හදන්ඩ. ඉතින් ඒ නිසා අපි ශ්‍රියන්ත ප්‍රමුඛ ඒ පිරිස් පටන් ගත්තා නාට්‍ය සහ අනෙක්   විවිධ පරාසයන් ඔස්සේ  විහිදී යන  කලාත්මක දැනුමක් එක්ක  මනුෂ්‍යයෙක්  නිර්මාණයක කරන්න. එතකොට මගේ යෝජනාවක් තිබුණා   national professional qualification n.v.q. හෝ මොකක් හරි ලෙවල් එකකට යෝජනා කරලා, මුලින්ම ඒක ඒකාබද්ධ වැඩ වැඩසටහනක් කරමු කියලා. ඒ එක්කම  ජයන්තයි මමයි වසන්තයි  ශ්‍රීයන්තයි ජයලාලුයි අපි හතර දෙනා එකම මේසයක විෂයමාලාව ෆයිනලයිස් කරමු කියලා, අපි අවසාන වශයෙන් විෂය නිර්දේශය සකස් කරමු කියලා ඒ සතියම දිනයක් දාගෙන තිබුණා. ඒ සියල්ල බලන් ඉද්දිම කඩාවැටුණා කියලා අපට හිතුණා. ඒ දුරකථන ඇමතුමෙන් මම ඇහැව්වා ඇයි මෙහේ ඇවිල්ලද  කියලා. පස්සේ කිව්වා  නෑ, මේ ජය ලාල්ගේ පොඩි ප්‍රශ්නයක්, අරෙහෙ මෙහෙ කියලා. මම හිතුවේ ඇත්තටම අසනීපයක් කියලා. පස්සේ තමයි වසන්ත කිව්වෙ මේ ජයලාල් නැතිවෙලා කියලා. එතකොට තමයි මම දන්නේ මේ සියල්ල හමාරයි කියලා. ඒකයි ඇත්තටම මම කිව්වේ මේක හරි  දෛවෝපගතයි කියලා. අවුරුදු පනස් හයයි මාස කීපයක් මේ මනුස්සයා ජීවත් වුණේ. හැබැයි ජීවිතේ ගත කරපු කාලයට වැඩි ප්‍රමාණයක් වැඩක් කරල තියෙනවයි කියන කාරණේ තමයි මට හිතෙන්නෙ. මේ ගැන සංවාදයට ලක් වුණේ නෑ කියලයි මං හිතන්නේ. 

v ඇත්තටම මේ සර්ගෙ  කතාව පුරාම පේන්නේ මේ ප්‍රගතිශීලී කලාකරුවා පිළිබඳ   කතාබහක් ඇති වුණේ නෑ කියන එක. ඒකට හොඳම  උදාහරණයක් තමයි නේද  මෙතුමා ගැන සංවාදයක් සමාජයේ නැති වීම?

පැහැදිලිවම. ඇත්තටම දැන් ඊට වැඩිය සංවාදයට ලක් වන ජනප්‍රිය මාතෘකා තියෙනවා.

සමහර ටෙලි නාට්‍යවල නම්, සමහර ටෙලි නාට්‍යවල නළු නිලියන්ගෙ නම්. අද එක රැයෙන් බිහිවෙන තරු ඉන්නවා. හැබැයි ඉතාම සෝබමාන සර්ව පිත්තල වලින් වැටිච්ච චරිත. මේ මනුස්සයා එහෙම සංවාද වලට ලක් වුනේ නැහැ. හැබැයි රටේ මොන තත්ත්වය වුණත් භාග්‍යවන්ත රසික පිරිසක් මේ මේ රටේත් හිටියා. දැන් ඔය හොඳ නාට්‍යයක් බලපු සුභාවිත නාට්‍යයක් බලපු, එහෙම නැත්තං දොරමඩලාව වගේ වැඩ වැඩසටහන්ක් බලපු, එහෙම නැත්තං ටෙලිවිෂන් ඉස්කෝලේ වගේ වැඩ වැඩසටහනක්  බලපු ප්‍රේක්ෂක ජනතාව ඇත්තටම ජයලාල්ව දන්නවා. මේ වගේ එක්තරා ආකාරයක සම්භාව්‍යමය ගණයේ පුද්ගලයෙක්ට ජනමාධ්‍යවල දොර ඇරෙනවා අඩුයි. ඒගොල්ලන්ට  ඇත්තටම මේ පාරිභෝගික සමාජයේ මාකටින්වලට මේ වගේ මිනිහෙක් වැඩක් වෙන්නෙ නෑ. හැබැයි ඒ ගොල්ලන්ව චූටි බයිට් එකක් විදියට ගෙන්න ගන්න සමහර මාධ්‍ය ආයතන ඇත්තටම යමක් කරනවා. අන්තිම බාලම දේ විකුණන ගමන් පොඩි රතිඤ්ඤයක් පත්තු කරනවා. ඔය අස්සේ  එතකොට ජයලාල් ඔය තැන් වලට ඇවිල්ල වෙනම තුන්හුලස් එකක් පත්තු කරලා එතනින් යන්නේ. ඒකයි ජයලාල්ගේ වැඩේ. ජනලාල්ගේ තිබුණා විචාරශීලී   ත්ත්වයක්. ජයලාල් කියන්න ඕන එකාට කෙලින්ම කියනවා.  සමහරවිට ඒක සමහර සමාජවලදී අකැප දෙයක්. සමාජ විරෝධී, විනය විරෝධී දෙයක් වෙන්න පුළුවන්. සාකච්ඡා සම්මන්ත්‍රනණ වලට ගිහාම ජයලාල්‌ගෙන් සමහර වෙලා වෙලාවට ඒ සභාව  නුසුදුසු වචන උනත් උච්චාරණය වෙනවා.  ඒ ඔහුගේ ප්‍රබල කෝපයත් එක්ක මතුවෙච්ච භාවාතිශය හැඟීම් දාන්න වෙන විදිහක් නැතුව  එන වචන. සමහර තැන්වලදී අපේ යාලුවෝ උඹ කියන සමහර වචන එතැනදී පාවිච්චි කරන්න එපා කියලා අවධාරණය කරනවා. හරිද දැන් උදාහරණයක්යක් විදියට අවජාතකයා කියන වචනය සභාව ඉදිරියේ  කියන්න එපා කියල යවනවා. හැබැයි ඊට සමගාමී වෙනස්ව වචනයක්  ඒ හා සමාන තේරුම් දෙන වචනයක් ඒ  මොහොතේ ඔහු කියනවා. ඒ කියන්නේ එයාගේ ඔළුවේ තියෙනවා අදහස  ඔහු පළ  නොකර ඉන්නෙ නෑ. ඉතින් ඒ වගේ කෙනෙක් තමයි ජයලාල් රෝහණ. ඔහු‌ගෙ විචාරශීලී බව වෙන කෙනෙක්ගෙ නෑ. ආණ්ඩු කීයක් ආවද ජයලාල්ගේ ජීවිත කාලය තුළ? කොයි ආණ්ඩුවටද  ජයලාල්  දරදිය ඇද්දද කියලා, නැත්තං තනණකොළ කැපුවද කියලා එක්ක් නෑ.   හැබැයි ජය ලාල් ඇත්ත දැක්කා. බිම ඉඳගන්න ඔහුට ප්‍රශ්නයක් වුණේ නැහැ.  ඩඩ්ලි අයියා පත්තරේට ලිපියක් ලියලා තියනවා දැක්කා මම ජයලාල් ඒසී කරපු නාට්‍ය ශාලාවල වගේම පහරේ කුණු දූවිලි පිරිච්ච ගඳ කාණු අස්සේ ගිහිල්ලත් රඟපාන්න පුළුවන් මිනිහෙක් කියලා. හැබැයි එතන ගිහිල්ලා  කොමඩ් හෙව්වේ නැහැ.  ඒසී කෝ කොහොමද, වැසි වැසිකිලිය, ටොයිලට්, බාත්රූම් කොහොමද කියලා හිතුවේ නෑ. ඔහු අර දිරිය කැදැල්ල වීදි නාට්‍ය  කණ්ඩායමේ පුරෝගාමී අධ්‍යක්ෂකවරයා.  හත්තෙට්ටුවගමට පස්සේ දෙක තුනයි ලංකාවේ විදියට වුනේ. එකක් තමයි දිරිය කැදැල්ල. ඒකෙ පුරෝගාමී නිර්මාණ අධ්‍යක්ෂකවරයා වගේම සමාරම්භකයා ජයලාල්.  ඒ වගේ බොහොම විචාරශීලී නවීනත්වය ඔහුගේ බොහෝම බරපතළ විදියට තිබුනා.  මට හිතෙන්නෙ ජයලාල්ගෙ තාත්තා කෝට්ටේ කොමියුනිස්ට් පක්ෂයේ භාණ්ඩාගාරිකවරයා.  ඉතාම දැවැන්ත  සමාජවාදියෙක්. ඔහුගේ ඇඟේ නියපොත්තක් කැඩුවත් කොමියුනිස්ට් ලේ වැගිරෙන ශරීරයක්  තිබුණෙ. සමහර විට ඒ තාත්තාගේ පුතා නිසා ඒ ජානමය දේ ඔහු තුළත් වැවෙන්න ඇති. තුන්වෙනි කාරණාව තමයි හැදෑරීම්යි අදීනත්වයයි. ඔහුට තිබුණා ජය ගැනීමේ අරමුණ. ඒ අධිෂ්ඨානය බරපතලයි.  මොන දුක තිබුණත්  ඔහු ඒක කඩාගෙන අතික්‍රමණය කරනවමයි.  ලංකාවේ  රූකඩ නාට්‍ය විශේෂඥයන් අතර ජය ලාල් එක්කෙනෙක්. මේ රට දන්නේ නෑ ඒක.  ඔහු සාලමන් එක්ක කරේ රූකඩ නාට්‍ය.   රූකඩ නාට්‍ය කණ්ඩායම් එක්ක අම්බලන්ගොඩ පැත්තෙ එහෙම ගිහිල්ලා හරියට  ඔය රූකඩ ගැන හෙව්වා.

මට ඔහු ඉතාම සමීප මගේ ජීවිතේට සමගාමී වෙච්ච එක් සමාන චරිතයක් විදියට. මම ජයලාල්ට වැඩිය අවුරුදු හතරකින් වැඩිමල්. මගේ අම්මා තාත්තාත් ඉතාම දුප්පත්  මිනිස්සු. මම හිතන්නේ නම් අපි හිතමු

කාල් මාක්ස්, ෆෙඩ්රික් එංගල්ස්, ලෙනින්, කැස්ට්‍රෝ ආදීන් ඉන්න ලැයිස්තුවේ මගේ තාත්තා හත, අට, නමය වගේ තැන්වල ඉන්නවා. මට හිතෙනවා ජයලාල්ගෙත් එහෙම තමයි කියලා.  මගේ පුංචි කාලෙත් ඔය දුප්පත්කමත් එක්ක බැඳිච්ච ඒ වාතාවරණය ගැන  අපට  අවබෝධයක් තිබුනෙ නෑ. ඔහුට  අවබෝධය තිබිලා තියෙනවා. අධ්‍යාපනයේ වැදගත්කම කියන හොඳ ගුරුවරු ඉඳලා තියනවා.  ඔහු ඉස්කෝලේ යන්නැතුව ප්‍රතික්ෂේප කරලා ඉන්දැද්දි ගුරුවරු  තමයි උඹ ඉගෙන ගනින් කියලා  තියෙන්නේ.  මටත් ඒ වගේ ගුරුවරු හිටියා. ඒ හින්දා මම මම අද  යම් කිසි තැනක ඉන්නවා. ජයලාල්‌ගෙ තියෙන ගුරු දෙගුරු මාර්ගෝපදේශකත්වය  ඔහුට ආවේ එතනින්.

 

v අවසානයේ ඔහු දාර්ශනික මාවතේ හිටියා. අවසාන කාලයේ ඔහුගේ දේශන සියල්ල කියෙව්වම පේන දේ තමයි ඔහු නළුකමෙන් සෙසු අනුෂශාංගික කලා පිළිබඳ හදාරපු දෙයින් ලබා ගත්ත පරිචය තුළින් ඔහු දාර්ශනිකයකත්වය ට ළඟා වෙමින් හිටියා.

 

පැහැදිලිවම. ඒකයි මං කිව්වේ සාමාන්‍යයෙන් සරල විග්‍රහයක් නෙවෙයි අපි ජයලාල්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. හරි සමාප්තිය දකින විවිධ පරාසයන් ඔස්සේ ඔහුගේ දෘෂ්ටීන් විහිදෙනවා. ඒක හරියට ඊයම් බරු වගේ හරි. මට මතකයි සයිමන් නවගත්තේගම මහත්තයා ටවර් රඟහලේදී පණ්ඩුකාභය රඟපාන්න ශිල්පීන් තෝරනවා යි කියලා ඉන්ටවිව් එකක්  තියෙනවා. ඒ ඉන්ටවිව් එකට එක් දහස් එක්දහස් නවසිය අසූ තුනේ වගේ මමත් ගියා. එතකොට ජයලාලුත් ඒක ඉන්ටවිව් එකට ගියා මට හොඳට මතකයි. එකට ඉඳගෙන එක බත්පත පතකට විස්සක් විතර අද දාගෙන කාපු  ඒ සහෘදයෝ විදිහට ඇත්තටම මට හිතෙන්නේ ජයලාල්ගේ අභාවය කියන්නේ මේ රටේ කලාවෙන්   පදාාසයක්  ගැලවිලා ගියා ඇතිවෙච්ච  රික්තයක් කියලා. ඒක ආයේ කාටවත් පිරිමහන්න පුළුවන් පාඩුවක් නෙවෙයි. පහුගිය කාලේ අපේ රටේ හිටපු නළු නිළියෝ, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරු ගත්තහම ජයලාල් වගේ චරිතයක් බිහි වේවි කියලා හිතන්න බෑ.

 

 

 

Friday, June 18, 2021

මනෝ ගේ දසවිධ රශ්මි ධාරා

 

ආචාර්ය ජයලත් මනෝරත්න යනු ශ්‍රී ලංකාවේ කෘතහස්ත කලාකරුවෙකි. නාට්‍යකරුවෙකි. ගත් කතුවරයෙකි. එතුමන් අතින් නිර්මාණය වුණු නාට්‍ය ශ්‍රී ලාංකීය නාට්‍ය වංශ කතාව මනාව පෝෂණය කළේය. ඔහුගේ රංග කෞශල්‍යය රංග වේදය පිළිබඳ අත්පොතක් බඳුය. ගුරුවරයෙකු කථිකාචාර්යවරයෙකු ලෙස සිදුකළ සේවය අතිමහත්ය. පසුගිය වසරේ ජනවාරි මස දොළොස් වන දින අප අතරින් වියෝ වූ ජයලත් මනෝරත්නයන් ‍ශ්‍රී ලාංකීය නාට්‍ය වංශ කතාව පර්යේෂණාත්මකව ගවේෂණය කළ විශිෂ්ට පර්යේෂකයෙකි. ඔහු සමඟ සමකාලීනව ක්ෂේත්‍රයේ කටයුතු කළ සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් තම සමකාලීන මිතුරා පිළිබඳව ගෙනහැර දක්වන ප්‍රභාමත් මතකාවර්ජනය

මනෝ ගේ දසවිධ රශ්මි ධාරා

මෙසේ සටහන් කර තබමු.

සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් පවසන ආකාරයට ජයලත් මනෝරත්නයන් තුළ හඳුනාගත හැකි සුවිශේෂී භූමිකා දහයක් තිබේ. මනෝරත්න ලකුණ කියවන්නෙකුට එම භූමිකාව කියවා ගැනීම මනා පිටුවහලක් වනු ඇත.

මනෝ ගැන සර්ගෙ මතකය පටන්ගන්නේ මට ඉස්සෙල්ලාම මතක මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා සමඟ මට සිද්ධවුනා ප්‍රේමතී ජායතී සෝකෝ බලන්න සුඛාවතී රඟහලේ දි මහවැලි ගඟේ එහා පැත්තෙ තියෙන ඊ.ඕ.ඊ පෙරේරා නෘත්‍ය ශාලාවට කියන්නේ සුඛාවතී කියලා. ප්‍රේමතෝ ජායතී සෝකෝ එකේ උද්දාල බ්‍රාහ්මණයාගේ චරිතය රඟපෑවේ ජයලත් මනෝරත්න. ඒ වෙනකොට මම දැනගෙන හිටියා එයාව. මං හිතන්නෙ 1966 වෙනි වසරේ වෙන්න ඇති. විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි උගන්වමින් ඉඳලා, මට ලැබුණා යන්නට ගුවන්විදුලියට. එහිදී ප්‍රේමතී ජායතී සෝකෝ මුලින් කෙරුවෙ ගුවන්විදුලි නාට්‍යයක් වශයෙන් පස්සේ වේදිකාවට වේදිකාවට කෙරුවෙ ගුවන්විදුලි නාට්‍ය නෙවෙයි මට මතකයි මනෝරත්න ගායනා කෙරූ ගීතය ස්වර්ණතිලකා දිහාව බලාගෙන කියනවා

ළදකගෙ ඇස් මිනිපහන් ලෙස බබළනා බව කවීන් කී බස

ඇදහුවේ නැත කිසි කලෙක

මා ඔබ දකින තුරු

සැබෑ විය එය.

එතකොට කෝරස් එකත් කියනවා ඉතින් මම සන්තෝෂයට පත්වෙලා මේ ගැන මහාචාර්ය සරච්චන්ද්‍රයන් එක්ක කතා කර කර ඉන්නකොට මහාචාර්යවරයා කිව්වා ඔයිට වඩා වෙනස් කරලා දැන් තියෙන්නෙ සුනන්ද ඉතින් එන්නකෝ වෙලාවක සුඛාවතී අපි පෙන්නනවා ඕක දැන්. මනෝ වත් මම අඳුරනවා ටිකක් 1966 විතර ඉදල තමයි අඳුනන්නේ ඊට පස්සේ ප්‍රේමතී ජායතී සෝකෝ එකෙන් පසුව ඔහුට සමීප වුණා.

සර්ගෙ සොක්‍රටීස් නාට්‍ය මතකය මොන වගේද 1990 මේ නාට්‍ය වෙනුවෙන් හොදම නලුවා සම්මානය ලැබුනා රාජ්‍ය නාට්‍ය උළෙලෙ ඊට පස්සේ එතනම සොක්රටීස් නාට්‍ය පෙන්නුවා අවුරුදු ගානකට පස්සෙ එතකොට මට මනෝරත්න කතා කරලා කිව්වා සර් මෙන්න මෙතනදි තමයි ස්වර්ණතිලකා මට හම්බවුනෙ ස්වර්ණතිලකා තමයි මගේ දැන් භාර්යාව වෙලා ඉන්නේ. අපි දෙන්නා මුණ ගැසුණේ මෙන්න මෙතනදී සුඛාවතී රංග පීඨයට නගින පඩි පඩිපෙළ මට පෙන්නුවා. තව ටික ටික මනෝරත්නට සමීප වෙනකොට මට පෙනුන සුවිශේෂී භූමිකා දහයක්

මොනවද සර් ඒ භූමිකා පළවෙනි කාරණේ තමයි මේ මනුස්සයා මහා පුදුමාකාර කවියා සහ ගීත නිබන්ධකයෙක් ඒ බව මට පෙනුනේ මහගිරිදඹ තුළින්. ඊළඟට මට පෙනුණෙ ලෝකය තනි යායක් කියලා නාට්‍යයක් කෙරුවා මහගම සේකර ගැන. මහගමසේකරගේ ඇතැම් කවි වලට අර්ථකථන දීලා මහගමසේකර වගේ කවි ලියන්ට වෑයම් කෙරුවා. මහගමසේකර වගේ ගීත ලියන්න වෑයම් කෙරුවා. මට ඕක හොඳටම පෙනුනා ඉතා සැක්වින් කියනවනම් පළවෙනි රැස් වලළල්ල තමයි මනෝරත්නයන්ගේ කවියා සහ ගීත නිබන්ධකයා.

තව ටික කාලයක් ගියාම කෙටි කතා සහ නවකතාකරණයේ දක්ෂයෙක් වුණා. කෙටිකතා ලිව්වා අපූරුවට සිළුමිණට හතුරා කියලා කෙටිකතාවක් ලිව්වා.තවත් නවකතා ලිව්වා පොඩි නවකතා දවස තාම තරුණයි ඒවා ලබා ගන්න පුළුවන් තමරා ජයන්ති මහත්මියගෙන් ඒක දෙක

තුන්වැනි එක තමයි මිනිහා අපූරු කථිකයෙක් ඒ වගේම රූපණ ශිල්පියෙක් දැන් සමහරවිට සොක්‍රටීස් එකේ පිටු ගණන්වල දෙබස් මිනිහා සොක්‍රටීස්ව Recreate කෙරුවා ප්‍රතිඋප්පාදනය කෙරුවා කොයි තරම් ප්‍රතිඋප්පාදනය කෙරුවද කියනවනම් දැන් අන්තිමට තියෙනවා

මීට වඩා යහපත් ලෝකයක් ලබාවා. මීට වඩා මිනිස් වාසයක් ලබාවා.”

ඕකට දුන්නා අර්ථ වගයක් මිනිහා පාදිලි උන්වහන්සේ කෙනෙක් වෙන්න ගියා මිනිහා මීට වඩා යහපත් ලෝකයක් මවාවා ලබාවා” එතකොට පිරිසත් ඔක්කොම එකට කියනවා ඉතිං මම අධ්‍යක්ෂවරයා වශයෙන් මගේ කාර්යයdirecting function ම නෙවෙයි. අපේ ගොටොවුස්කි පදනමේ උගන්නනවා actor is also director කියලා. තමන්වම ඩිරෙක්ට් කරගන්නවා නලුවා තමන්ගේ භූමිකාව.director  ට කරන්න පුළුවන් වෙන්නේ Space එක කියලා දෙනවා මේ වගේ Timing ටිකක් තිබුනොත් හොදයි කියලා. එතකොට Action එක මේ වගේ වුනොත් හොඳයි කියනවා. movement , Gestures  ඒවා ඔක්කෝම තියෙන්නේ නළුවා ලග අපි දැන් Fairy tale එකක් ගමු සින්ඩරෙල්ලා sindarella රඟපාන කෙල්ලට sindarella ටෙක්ස්ට් එක කියලා දුන්නට පස්සේ අර්ථකථනය කරන්නේ ඒ රඟපානු කෙල්ල වෙන්න ඕනේ. මම කරන්නේ ආධුනික නළු නිළියෝ ප්‍රවීණ කරන එක ඉතින් කථකයා සහ රූපණ ශිල්පියා හරි වැදගත්. පිටු ගණන් මිනිහා ඇවිද ඇවිද ලකල්පනා කර කර වෙනස් කර කර වෙනස් කර කර මගේ පෙළ වෙනස් කරන්නේ නෑග එයාගෙ ස්වරය වෙනස් කරනවා ඒක තමයි කථකයා සහ දේශකයා

දැන් ඒ වගේම මෙයා ටික ටික ටික ටික රංග නිර්මාතෘ කෙනෙක් වුණා අපූරුම රංග ස්වභාවයක් තියෙන නාට්‍යයක් තමයි අන්දරේලා. හරි ලස්සන නාට්‍යයක් අන්දරේලා අනිත් එක තමයි ලෝකය තනි යායක් අනිත් එක තමයි එයාගේ තිබුනා ලස්සන නාට්‍යයක් හඬ නිහඬ ඔක්කොම සංගීත්කාරයෝ ගැන. රූපසිංහ මාස්ටර් එඩී මාස්ටර් මාෂල් ප්‍රනාන්දු මාස්ටර් වගේ කට්ටිය හොදට study කෙරුවා මීගමුවට ගියා තොට ළඟට ගියා එකෙන් මිනිහා අධ්‍යක්ෂණයත් ඉගෙන ගත්තා රංග නිර්මාතෘ සහ අධ්‍යක්ෂණය තමයි 4

කවුරුත් දන්නෙති පැත්තක් තියෙනවා මනෝගේ මිනිහා මාධ්‍යවේදියා. ගුවන්විදුලියට ලියන්න පුළුවන් පත්තරේට ලියලා තියනවා රූපවාහිනියට ලියල තියනවා රූපවාහිනියේ සින්දුයි බින්දුයි” කියලා ලිව්වා සීරිස් එකක් සකි සද එලියස් ලිව්වා. මගේ අධීක්ෂණයෙන් ලිවුවා මිනිහා ජන කතා ගොඩක් එකෝමත් එක රටක කියලා මම නම් කිව්වා එකෝමත් එක කතාවක් කියලා දාන්ඩ කියලා එකෝමත් එක රටක එකෝමත් එක කතාවක් කියලා කළා ඒ මාධ්‍යවේදියා මේ හැම එකක් ගැනම දිගට කතා කරන්න පුළුවන් මේ සැකවින් කියන්නේ

හය වෙනි එක තමයි ගායකයා හා නර්ථනවේදීයා හරි අපූරු ගායකයෙක් මිනිහා ඔහොම හිටියට අර ටීටර් යුගයේ නූර්ති ගී අබ දබ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැප ලබමින්

මිනිහා මේ ළඟදි අපේ ගෙදර ඇවිල්ලා Instrument එකක් නැතුව බේසම්ක් ඉල්ලගත්තා මගෙන්. බේසම්ක් පැලෙනකම් සින්දු කිව්වා. නටන්න පුළුවන් පුදුමාකාර විදියේ steps දාන්න පුළුවන් මිනිහෙක්. ඊට පස්සේ මම දකිනවා 7 මෙයාගේ හැකියාව ගුරුවරයා රංග කලාව ඉගැන්වුවා. අපි ළමයි වගයකට. තරුණ සේවා සභාවේ ඇවිල්ලා මට වැදලා එහෙම ඔබ තුමාගෙන් අවසර ගන්න ඕනි මම දැන් ඔන්න කරල පෙන්නනවා කියලා ඉමිටේෂන් කරනවා කරලා පෙන්නුවා.අනුකරණය හඩ අනුකරණය කරනවාaction අනුකරණය කරනවා හොඳ මතකයක් තියෙනවා ස්ටැනිස්ලව්ස්කි කියන්නේ කවුද භරතමුනි කියන්නේ කවුද කාලිදාස කියන්නේ කවුදර එතකොට සූත්‍ර පාඨ කටපාඩම්.

එතකොට 8 වෙනි එක මිනිහා ඇවිල්ලා හරි අපූරු සමාජ චින්තකයෙක් කවදාවත් ප්‍රතිගාමීත්වය කතා කළේ නෑ. එක්දාස් නවසිය අනූ ගණන් වල දී නිදහස් කලා සන්ධානය හදනකොට අපිත් එක්ක වේදිකාවට නැග්ග එක මිනිහෙක් තමයි ජයලත් මනෝරත්න මිනිහා පැත්තකට වෙලා මාත් එක්ක කොලොප්පං කරනවා තැන් තැන්වල දී. මං කිව්වා ඕක දාන්වා කෝ මිනිස්සු හරි කැමතියි අපි මනෝ එනකල් ඉන්නවා. එයා සිංදු කියනවා. නටනවා එන් එම් පෙරේරා හඬ අනුකරණය කරනවා කොල්වින් ආර් ද සිල්වා පිටර් කේනමන්ගේ හඩ අනුකරණය කරනවා හරි ලස්සනට. බණ්ඩාරනායක ව අනුකරණය කරනවා පුදුමාකාර විදියට සමාජ චින්තකයා කවදාවත් මේක මම කිව්වේ කියලා කියන්න එපා කවදාවත් එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයෙකු ලෙස නැඹුරුවීමේ මනසක් තිබුණෙ නෑ. සිරිකොත පැත්ත පලාතෙ ගියෙ නෑ .එවැනි ජාතියේ එකෙක්. එයාට තිබුණේ හැමතිස්සෙම වාමාංශික අදහස් රුසියාවට හරි ආදරෙයි චෙකොෆ්ට හරි ආදරෙයි ගොස්ටොවුස්කිට හරි ආදරෙයි.

නම වෙනි එක තමයි බැරෑරුම් ම කාර්යය. එයා පර්යේෂකයා සහ ගවේෂකයා මම එයාගෙ phd සුපවයිසර් ජයවර්ධනපුර තිස්ස කාරියවසම් අනිත් එක්කෙනා. තිස්ස කාරියවසම් කියනවා සුනන්ද සර්ගෙන් ගිහින් අහගන්නවා කියලා. ඉතින් එනවා අපි මුණගැහෙනවා එක්කෝ ටවුන් හෝල් එකේ එක්කෝ Colombo campus එකේ නැත්නම් ජයවර්ධනපුර කැම්පස් එකේ කඩදාසි මිටි thesis මිටි ලිවුවා first class thesis එකක් අපේ අධ්‍යයන අංශයට පූර්වාදර්ශයක් එක.ඒක දිගට කතා කළ යුතු මාතෘකාවක්.

මම දකින දහවෙනි එක තමයි මේ රැස් වළල්ලේ ජනශ්‍රැති වේදය මනෝ තරම් දන්න වෙන කෙනෙක් මම දැකලා නෑ අන්දරේගෙ කතන්දර කටපාඩම් කවි කට පාඩම් කැකිල්ලෙ කටපාඩම් ඉන්දියාවේ බිර්බල් මම සිංහලයට පරිවර්තනය කළා නුවණක්කාර කවටයා කියලා. ඒ පොතේ හැම කතාවක්ම කටපාඩම්. මේ හැම දෙයක්ම බලනකොට මගේ නිගමනය මනෝරත්න කියන්නේ ලංකාවේ ගුරුදේව රබින්දනාත් තාගොර්. රජය හදල දුන්නනම් මේ මනුස්සයට ශාන්ති නිකේතනයක් අදත් අප අතර ජීවත් වෙනවා මිනිහට සිද්ද වුණා නාට්‍යය ලියලා රඟ දක්වලා උගන්වලා නාට්‍ය අරගෙන තැන් තැන් වලට ගිහිල්ලා පෙන්නන්න. එක දවසක් සොෆක්ලීස් පෙන්නනකොට කුරුණෑගල ටවුන් හෝල් එකේ බැල්කනියෙ ඉඳලා මිනිහෙක් මනෝ එනකොට කඩල ඇටයක් දානවා මිනිහා මම ලගට ඇවිල්ල කියනවා සර් වහන්ඩ කර්ටන් එක මට මුන්ට කියන්න ඕනේ වචනයක් වැහුවා මං. දෙබෑ කරගෙන ගියා එලියට මේ උඩ බැල්කනි එකේ ඉන්නේ රසිකයෙක් ද? තදයෙක් ද? ඔබ කැමති සොක්‍රටීස් බලන්නද? මනෝරත්න ගෙන් පළිගන්න ද? කවුද ඔය කඩල කන එකා කියලා ආවා ඇතුලට අරින්න සර් අරින්ඩ කර්ටන් එක මම කිව්වා නෑ කවුද මිනිහා කියලා බලලා එළියට දාමු. යනකොට මිනිහෙක් ඇවිල්ලා තඩි මිනිහෙක් අර කඩල කාපු මිනිහට ගහගෙන ගහගෙන යනවා ලඟට ගියා මනෝරත්න ඌට හිංසා කරන්න එපා අපි රසිකත්වය පුරුදු කරමු. තව හරියට විනාඩි දෙකකින් සොක්‍රටීස් පටන් ගන්නවා කියලා ආවා ඇතුලට භාවනාත්මක ව හිටියා. හරි අරින්න කර්ටන් එකග ඇරියා අර කේන්තියක් මොකවත් අබමල් රේණුවකට නෑග ඔන්න මනෝරත්න. දැන් පේනවද?

01. කවියා සහ ගීත නිබන්ධකයා
02. කෙටි කතා සහ නවකතා
03. අපූරු කථිකයෙක්. රූපණ ශිල්පියෙක්
04. රංග නිර්මාතෘ සහ අධ්යක්ෂණය
05. මාධ්යවේදියා.
06. ගායකයා හා නර්ථනවේදීයා
07. ගුරුවරයා.
08. සමාජ චින්තකයෙක්
09. පර්යේෂකයා සහ ගවේෂකයා
10. ජනශ්‍රැති වේදය හා සෞන්දර්ය වේදියා
ඉතින් ඕවා තමයි භූමිකා

Wednesday, September 7, 2016

සියලු ආශා අත්හල වංශවතකුගේ කතාන්දරය

අතීතයේ පස්යොදුන් රට නමින් හැඳින්වූ ශ‍්‍රී ලංකාවේ බටහිර වෙරළට මායිම් වන කළුතර, යටත් විජිත සමයේ බොහෝ ප‍්‍රභූ ජනයාගේ ගෞරවාදරයට පාත‍්‍ර වුණු ප‍්‍රදේශයකි. කළු ගංඟාවෙන් පෝෂණය වුණු සශ‍්‍රීක තැනිතලාවකි. එකල පොහොසතුන් නුවරඑළිය හැරුණු විට සැප පහසුව සොයා ගියේ කළුතරටයි. කළුතර නගරයෙන් සැතපුමක් පමණ දුර පලාතොට මාර්ගයේ ගමන් කරන්නකුට මොසැක් කලාවට අනුව සැකසුණු දැවැන්ත නාම පුවරුවක රිච්මන්ඞ් කාසල් යනුවෙන් නිර්මාණය කොට තිබෙනු දැක ගත හැකිය. අඩි 100ක් පමණ දිග මෙම පුවරුව මීට සිය වසකට පමණ පෙර තිබුණු ප්‍රෞඪ මතකයක් සොයා යාමේ ආරම්භක සලකුණයි. මෙතැන් සිට ආරම්භ වන විශාල තොරණක් සහිත පොල් වත්ත මැදින්, මීටර 500ක් පමණ දුරක දී හමුවන කළු ගඟට මායිම්ව පිහිටි තරමක් උස් කඳු ගැටයක ඉදි වුණ මහා මන්දිරයක් වෙයි. එකල අක්කර 40ක පමණ වර්ග ප‍්‍රමාණයක පැතිරුණු මෙම භූමිය මල් උයනක්ව තිබූ බව ඒ ගැන තතු දත්තෝ කියති. මල් උයන අද නැතත් අතීත කථාවක මතක සුවඳ සඟවාගෙන ඒ මහා මන්දිරය නිසොල්මනේ අප ඉදිරියේ බලා සිටියි. ඒ රිච්මන්ඞ් මැදුරයි. සියලූ සැප සම්පත් හැර දමා ආදරයේ වේදනාවෙන් වෙන්ව ගිය මහා ධන කුවේරයකුගේ කතාන්දරය මෙම මාලිගය තුළ සැඟවී තිබේ.


නමුත් උත්සාහය අත් නොහැරිය ආතර් ද සිල්වා තරුණයා ලංකාවෙන් පෙදරේරු කාර්මිකයකු ගෙන්වා මන්දිරය පෙන්වා තමාටත් එවැනි මන්දිරයක් ඉදි කරගත යුතු බව මේසන් කාර්මිකයාට දන්වා සිටියේය. පෙදරේරු කාර්මිකයා නියමාකාරයෙන් නිවස පරීක්‍ෂා කොට වාස්තු විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පමය කරුණු මැනවින් අධ්‍යයනය කොට ලංකාවට ආවේ ආතර් ද සිල්වා තරුණයාගේ බලාපොරොත්තුව ඉටු කළ හැකි තරම් ඒ පිළිබඳ අවබෝධයක් ලබමිනි.
රිච්මන්ඞ් කාසල් ඉදි වූයේ මීට සිය වසකට පමණ පෙරය. ඒ 1910 දීය. රිච්මන්ඞ් කාසල් එකල කළුතර දිසාව භාරව සිටි මහමුදලි දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමාගේ නිර්මාණයකි. යටත් විජිත ආක‍්‍රමණ හමුවේ මුහුදුබඩ ප‍්‍රදේශයේ වැසි ජනයා දකුණට හා මැද කඳුකරයට පලා ගිය අතර එවැනි දකුණට පලා ගිය සිංහල වංශක්කාරයකුගෙන් පැවත එන නායක්කාර රජවාසල අප්පුහාමිලාගේ පවුලිස් ද සිල්වා  කොල්ලූපිටියේ නිවසක් තනා එහි පදිංචියට එන්නේ 19 වැනි සිය වස අග භාගයේදීය. ඔහුට දාව හෙක්ටර් ද සිල්වා හා ආතර් ද සිල්වා යනුවෙන් පුතුන් දෙදෙනකු වූ අතර ඔවුන් යුරෝපයට යවා යටත් විජිතවාදීන්ගේ ඉංග‍්‍රීසි දැනුම හා සංස්කෘතිය ඉගැන්වීමට කටයුතු සැලසීය.
වසර ගණනක් පුරා යුරෝපයේ අධ්‍යාපනය ලබා ඒ සමයේ දී හඳුනාගත් මිතුරන් මාර්ගයෙන් රට රටවල සංචාරය කරන්නට ද අපේ කතා නායකයා වන ආතර් ද සිල්වාට අවස්ථාව ලැබුණි. එසේ ගිය එක් ගමනක දී ඉන්දියාවේ මහරාජාවරයකුගේ මහා මන්දිරයක් දැක එවැනි මන්දිරයක් ඉදි කිරීමේ නොතිත් ආශාවක් ආතර් ද සිල්වා තරුණයාට ඇති විය. මේ පිළිබඳ අදහස මහාරාජාවරයාට පැවසූ කළ ඔහු අවඥාසහගත ලෙස තරුණයා දෙස බැලූවේ එවැනි මන්දිරයක් ඉදි කිරීමට විශාල ධනස්කන්ධයක් වැය වන නිසා ය. එම නිවසේ සැලැස්ම තමාට ලබා දෙන ලෙස ඉල්ලූවත් මහාරාජාවරයා ඊට අකැමැති වූයේ එවැනි මන්දිරයක් තැනීම හීනයක් බව පවසමිනි.

 මේ වන විට ආතර් ද සිල්වා සාමාන්‍ය පුද්ගලයකු නොවේ. ඉංග‍්‍රීසි දැනුම, සංස්කෘතිය වැළඳගත් සම්පූර්ණ කළු සුද්දකු විය. ඉතා වංශවත් පවුලක දේපළ හිමි මේ තරුණයා කළුතර මහමුදලි තනතුරු ලබන්නේ මෙකලය. ප‍්‍රාදේශීය මුදලිවරු නම දෙනකුට මහමුදලි වූ දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මහ මුදලිතුමාගේ මීළඟ අභිප‍්‍රාය වන්නේ ඉන්දියාවේ තමා දුටු මාලිගය ලංකාවේ නිර්මාණය කිරීමයි. කළුතර පලාතොට කළු ගං මිටියාවතේ තරමක් උස් කඳු මුදුනක සුන්දර වටපිටාවක මන්දිරය තනන්නට අත්තිවාරම දැමුවේය.

ප‍්‍රාසාදය ඉදි කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය හා උපකරණ විවිධ රටවලින් ආනයනය කළේය. ගඩොල් හා උළු ඉන්දියාවෙන් ද, දැව බුරුමයෙන් ද, ජනෙල් වීදුරු ඉතාලියෙන් ද, නාන කාමර හා ගෙබිම මැටි පුවරු එංගලන්තයෙන් ද ගෙන්වා ගත්තේය. මේවා කොළඹ වරායේ සිට කළුතරට නැව් මගිනුත්, එතැන් සිට කළු ගංඟාව දිගේ බත්තල් මඟින් මන්දිරය ඉදි වන භූමියටත් ගෙන එන ලදී. මන්දිරයට අවශ්‍ය ශ‍්‍රමය හා අනෙකුත් දේශීය අමුද්‍රව්‍ය සපයා ගත්තේ මේ තරුණ ජව සම්පන්න මහමුදලිවරයාගේ අන්තේවාසික ප‍්‍රාදේශීය මහමුදලිවරුන්ගේ සහයෝගයෙනි. කළුවර, බුරුත වැනි වටිනා දැව වර්ග, සිය ගණනක් වූ ශ‍්‍රම බළකාය එවැනි උදව් උපකාර අතර විය. නිවසට අවශ්‍ය තේක්ක වැනි දැව වර්ග බුරුමයේ සිට නැවක්ම ගෙන ආ බව කියැවේ. ඉතා කෙටි කාලයකින් ඉදි කළ මේ මන්දිරය මහාරාජාගේ මන්දිරයටත් වඩා විශාල ප‍්‍රතාපවත් මැදුරක් විය. අලංකෘත මල් උයනක් ද නිම වීමෙන් මේ මන්දිරය දිව්‍ය විමනක්ම විය. මහාරාජාවරයාට ඔහුගේ මන්දිරය තනන්නට ගිය කාලයෙන් හරි අඩක කාලයක් ගත වෙද්දී රිච්මන්ඞ් මැදුරේ වැඩ අවසන් කර තිබුණි.
කළුතර දිසාවට මහමුදලිකමත් ඊට ගැලපෙන ආශ්චර්යමත් මැදුරත් ඉදිවී තිබුණ ද මුදලිවරයාගේ ජීවිතයේ තවත් එක් අඩුපාඩුවක් විය. ඒ ඉදි කළ මැදුර එළිය කරන්නට භාර්යාවක සොයා ගැනීමයි. සූරිය බණ්ඩාර නම් කළුතර දිසා විනිශ්චයකාරවරයාගේ දියණිය වූ ක්ලැරිස් මැටිල්ඩා මෝඞ් සූරියබණ්ඩාර විවාහ කරගැනීමට තීරණය කරගන්නේ මේ අනුවය. රිච්මන්ඞ් මැදුරට ගෙවදීමත්, විවාහයත් එකටම සිදුවූ බව කියැවේ. පේ‍්‍රමයත් මැදුරත් අතර සිදුවූ ඒ අපූර්ව බැඳීම සිදු වන්නේ වර්ෂ 1910 දී ය. තොරණ 7ක් බැඳ මඟුල් කනවා යැයි ව්‍යවහාරයේ එන කීම සත්‍ය ලෙසම සිදු වුණු මඟුලක් ලෙස මහමුදලි හා සූරියබණ්ඩාර ළමාතැනීගේ විවාහය සලකන්නට පුළුවන.
රිච්මන්ඞ් වෙත එන මඟදිගට අතිවිශාල තොරණ බැඳ තිබුණු බව රිච්මන්ඞ් මැදුරේ තිබෙන සමරු ඡායාරූප හා චිත‍්‍රවලින් සනාථ කර ගත හැකිය. තොරණ 7ක් බැඳ මඟුල් කා ක්ලැරිස් මැටිල්ඩා ළමාතැනී කරකාර බැඳගෙන රිච්මන්ඞ් වෙත ගිය ගමන එකල මුළු ලංකාවේ හතර දිග්භාගයේම වූ ආශ්චර්යමත් මංගල්‍යයක් විය. වර්තමානයේ නම් බි‍්‍රතාන්‍ය රජ පවුලක සිදු වන විවාහයක් තරමටම මෙම විවාහය උත්සවශ‍්‍රීයෙන් සිදු වුණු බව කිව යුතුය. මෙම මඟුල සඳහා පැමිණි ප‍්‍රභූන් වෙනුවෙන් කොළඹ කළුතර අතර දුම්රියක් යොදවා තිබූ බව කියැවේ. යුරෝපීය ජාතිකයන් මෙන්ම ලංකාවේ රදළවංශක්කාරයෝ විශාල පිරිසක් මෙම මංගල්‍යයට සහභාගි වූහ. මඟ දෙපස විශාල ජනකායක් පොදි කමින් මංගල පෙරහර නරඹන අයුරු ජායාරූපවල  වෙයි.
අශ්ව කරත්ත, යුරෝපීය මෝටර් රථ මෙම මඟුල් පෙරහරේ දක්නට හැකි විය. මහමුදලිතුමා හට සුදු අශ්වයින් හතර දෙනකු සහිත අශ්ව කරත්තයක් යුරෝපීය ආණ්ඩුව සපයා දී තිබුණි. එම අශ්වයින්ට සෙමෙර සලන සේවකයන් සහිත පරිවාර අශ්වයන් දෙදෙනකු ද සුදු අශ්වයන් සහිත අශ්ව කරත්තයට දෙපසින් ගමන් කළේය. එකල එවැනි වංශවත් මහමුදලිවරයකු සිටියේ නම් ඒ හොරගොල්ලේ සොලමන් ඩයස් බණ්ඩාරනායක පමණක් බව තතු දත් අය පවසති. යුරෝපීය ඇඳුම් ආයිත්තම්, නර්තන හා සැරසිලි ආදිය කළුතර ජනයා මඟුල් පෙරහරේ දුටු විශ්මය දනවන දසුන් විය.
දැසි දස්සන් පිරිවරා ගෙන ජයටම මඟුල් කා රිච්මන්ඞ් මැදුරට ගොඩ වදින විජේසිංහ යුවළගේ මඟුලට ආරාධනා ලැබ සිටි විශේෂිත පුද්ගලයකු වූයේය. ඒ එදා මෙවැනි මන්දිරයක් ගොඩ නැගිය නොහැකි යැයි වහසිබස් දෙඩූ ඉන්දියානු මහරාජාවරයාය.  මේ මංගල පි‍්‍රයසාදයේ දී මන්දිරය දැක මෙතරම් කෙටි කලක් තුළ සුවිශාල මැදුරක් හා අලංකාර උයනක් නිම වීම තමා ආහ්ලාදයට පත් වුණු කරුණක් බව මහරාජාවරයා පවසා ඇත.
යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයට නෑකම් කියන මෙම මන්දිරය මහල් දෙකකින් යුක්ත වූවකි. ඉදිරිපස පෝටිකෝව ලංකාවේ වෙනත් කිසිදු ප‍්‍රභූ නිවසක දැක ගත නොහැකි විශේෂතා පෙන්නුම් කරයි. දැවැන්ත රවුම් කුළුණු 12ක් දරා සිටින මෙම පොටිකෝවේ ඉදිරිය අර්ධකවාකාරය. පෝටිකෝවේ පියස්ස උඩුමහලින් ඉදිරියට නෙරා එන සදළුතලයක් නිර්මාණය කරයි. පෝටිකෝවෙන් ඇතුළුව නිවස අභ්‍යන්තරයට යන්නට මත්තෙන් නිවස වටාම තිබෙන පුළුල් කොරිඩෝව වෙයි. කොරිඩෝවේ පිටත මායිම කවාකාර ආරුක්කු සහිත රවුම් කුළුණුවලින් සමන්විතය.
නිවස ඉදිරිපස පෙනුම පිටත සිට බලන්නකුට ග‍්‍රීක රෝම ගෘහ නිර්මාණ ලක්‍ෂණ දෘශ්‍යමාන කරයි. නිවසේ ඉදිරිපස දෙකොණ උස්ව ඉහළට විහිදෙන එක්ටැම් ගෙවල් දෙකක් සිහිගන්වන ආකාරයේ නිර්මාණයකි. ඉහළ මාලයේ පිටත සදළුතලයයි. එය මැදින් ඉදිරියට නෙරා විත් තිබෙන්නේ අර්ධ කවාකාර හැඩයකටය. ඉහළ මාලයේ මුදුන යුරෝපීය කැටයම් ලක්‍ෂණ දරමින් අහස සිප ගනී. පිටත සිට බලන්නකුට මන්දිරයේ වහල දර්ශනය වන්නේ නිවසේ පසුපසට ගියොත් පමණි. ප‍්‍රාසාදය පැති පෙනුමේ මුදුන් කුසලාන හැඩැති නිර්මාණ පෙළක් සහ සරළ රේඛීය කැටයම්වලින් යුක්තය. පැති පෙනුම හා පසු පෙනුම ඉදිරිපස පෙනුමෙන් වෙනස් වන අතර එහි අඩුවක් නොමැතිව ගරු ගාම්භීර ප‍්‍රාසාදයක අංග ලක්‍ෂණ ප‍්‍රකට කරයි.
නිවස අභ්‍යන්තරය තුළ විශේෂයෙන් හඳුනාගත හැකි ගෘහ නිර්මාණමය කොටස් ගණනාවකි. පෝටිකෝවෙන් ඇතුළුව හමු වන කොරිඩෝව මැදින් නිවස මධ්‍යයට වත්ම ප‍්‍රධාන දොර කවුළු තුනකින් යුත් නිවසේ ආලින්දය වෙයි. ලංකාවේ බොහෝ නිවාසවල දැකිය හැකි ඉහළ මාලයට නැගිය හැකි දැවමය විශාල පියගැටපෙළක් ඒ ආලින්දයේ වෙයි. දෙපස කාමර ද මෙම අංගනයට විවෘත වන අතර එංගලන්තයෙන් ගෙන එන මැටි පුවරු අතුරා බිම සකස් කර තිබේ. නිවස පිටුපසට ගමන් කළ හැකි දොර කවුළු දෙකක් ද සහිත මෙහි දොර කවුළුවල ඉහළ විවිධ ලී කැටයම් හා මල් මෝස්තර දැකගත හැකිය. එම කැටයම් සහිත කොටසට පිටින් වර්ණ වීදුරු ඔබ්බවා පිටත ආලෝකය ඇතුළට ඒමට සලස්වා තිබේ. ඉතාලියෙන් ගෙන්වූ වීදුරු මේ සඳහා භාවිත කොට තිබේ. මෙවැනි දොර කවුළු 99ක් නිවස තුළ වෙයි. ඒවා එකම හැඩයකින් යුක්ත වීම හා දෙපසට විවර වන ආකාරයෙන් සකසා තිබීම විශේෂත්වයකි.
මෙම ආලින්දයට දකුණු පසින් මුදලිතුමාගේ කාර්යාල කාමරය වූ අතර මුදලිතුමා එකතු කළ අත්කම් ලියකම් ඇතුළු විවිධ රටවල සිහිවටන, අද ද කෞතුක වස්තූ ලෙස මෙහි තැන්පත් කොට තිබේ. ප‍්‍රභූන් බැහැදැකීම ද සිදුව ඇත්තේ ද මෙම කාමරය තුළදීය. ආලින්දයෙන් පසු බිම් මහල තුළ ඊට පසු හමුවන්නේ මැද මිදුලයි. මැද මිදුලට පැමිණි අයකුට ඉහළ බලන කල නිවස වඩා ප‍්‍රතාපවත්ව යටිකෝණී රූපයකින් දිස් වනු ඇත. මැද මිදුල වටේටම කොරිඩෝවක් නිර්මාණය කර තිබේ. කොරිඩෝවට ඔබ්බෙන් පහත මාලයේ අනෙකුත් කාමර වෙයි. මැද මිදුල විවිධ මල් වර්ග හා කුඩා පොකුණකින් අලංකාර කර තිබේ.
මැද මිදුල අවසන නිවසේ පිටුපසට වන්නට හමුවන මීළඟ වැදගත්ම කොටස වන්නේ නිවසට පැමිණි අමුත්තන්ට සංග‍්‍රහ කිරීමට හා නෘත්‍ය ශාලාවක් ලෙස යොදා ගත් උස් කුළුණු සහිත දිගු ශාලාවයි. මෙහි ගෘහ නිර්මාණමය වැදගත්කම් රාශියකි. මේ දිගු ශාලාවේ එක් කෙළවරක කුඩා බැල්කනියක් වේ. ඒ ශාලාවේ නෘත්‍ය වැඩ සටහන් ඉදිරිපත් කරන විට ප‍්‍රභූන්ට නැරඹීම සඳහාය. මෙම බැල්කනියට පිවිසීමට ශාලාවට පිටින් චීනච්චට්ටි ලෝහයෙන් නිම කළ වක‍්‍රකාර හැඩයෙන් යුතු සෝපානයකි. ශාලාව තුළ ඉතා උස් දැවමය කුළුණු 12කි. සෙංකඩගලපුර මාලිගා පරිශ‍්‍රයේ තිබෙන මඟුල් මඩුව සිහිගන්වන මේ ශාලාවේ කුළුණු සැකැස්ම නුවර යුගයට අයත් විහාර ආරාමවල දක්නට ඇති සියුම් ලී කැටයම්වලින් යුක්තය. නෙළුම් මල්, පංචනාරී ගැටය, ගජසිංහ රූප, පළා පෙති, ළිය වැල් ආදිය මෙහි කැටයම් කොට තිබේ. මෙම ශාලාවේ වහල සැකැස්ම ද අපූර්ව නිර්මාණයකි. යට ලී පරාළ නොමැති මෙම වහල ආරුක්කු හැඩැති බාල්ක පෙළක් මත රඳවා තිබේ. වහලේ බර දරන විට හිරවී ශක්තිමත් වන ආකාරයේ කැපුම් මූට්ටුවක් සහිතව මෙම බාල්ක සකසා තිබුණි. මෙම ලී ආරුක්කුවල කැටයම් යුරෝපීය ලක්‍ෂණ දරයි.
ශාලාව තවත් අතකින් වැදගත් වන්නේ එහි වායුසමනය සඳහා යොදා ගෙන ඇති උපක‍්‍රමය නිසයි. කළු ගෙඟ් සිට මැටි නළ මඟින් පොළොව යටින් සීතල වායු ධාරා නිවසේ පාදම වෙත පැමිණේ. එම සිසිල් වාතය ශාලාව තුළ බිමට අතුරා ඇති ලෑලි අතර වූ කුහර මඟින් ශාලාවට ලබා ගනී. මේ නිසා ස්වාභාවික සිසිල් වාතාශ‍්‍රය මෙම ශාලාව පුරා තිබුණු බව අද ද දක්නට ඇති එම ලී කුහර හා මැටි නළ සාක්‍ෂි දරයි. මෙම ශාලාවෙන් පසුව මන්දිරයේ පිටුපස කොරිඩෝව දිස්වන අතර එය අඩි 100ක් පමණ දිගට පුළුල්ව විහිදේ.
නිවසේ ඉහළ මාලය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී පිවිසුම් මාර්ග දෙකක් තිබෙන බව පෙනී යයි. සේවකයන්ට ගමන් කිරීම සඳහා දකුණු පස කොරිඩෝවෙන් ආරම්භ වන පියගැටපෙළකි. නිවැසියන් පරිහරණය කළේ ආලින්දයේ වූ ප‍්‍රධාන පියගැටපෙළයි. එම පියගැටපෙළ බුරුත තේක්ක වැනි වටිනා දැවයෙන් කළ නිර්මාණයක් වන අතර එහි ඇති ප‍්‍රතාපවත් පෙනුම මන්දිරයේ විසූ වංශක්කාර මහමුදලිගේ ගරුගාම්භීරත්වය තීව‍්‍ර කරයි. මෙවැනි පියගැටපෙළක දැකිය හැකි පොදු ලක්‍ෂණය වන පුළුල් මධ්‍යගත පඩි පෙළක් සේ ආරම්භ වී පසුව දෙපසට විහිද යන පියගැටපෙළ දෙකක් ලෙස ප‍්‍රතිවිරුද්ධ දිශාවට ඉහළට විහිද යාම මෙම පියගැටපෙළේ ද දැකිය හැකිය. සියුම් බොරදම් කැටයම්, මල් මෝස්තර, නෙළුම් මල්වලින් යුක්ත පියගැටපෙළ ඉහළ මාලයේ දී ගරාදි වැට සහිත සඳැල්ලක් නිර්මාණය කරයි. සත්ව අං මත පිරවූ මිදි පොකුරු, කුසලාන හැඩ සඳැල්ලේ කැටයම් කර තිබේ.
පියගැටපෙළ අවසානයේ එළඹෙන විවෘත භූමිය කෙළවර වන්නේ නිවස ඉදිරිපස වූ සදළුතලයෙනි. දෙපස මුදලිතුමාගේ හා සූරියබණ්ඩාර ළමාතැනී පාවිච්චි කළ පෞද්ගලික කාමර, නිදන කාමර ආදිය වෙයි. මෙම විවෘත කොටස තුළ වන විශාල ජනෙල් කවුළු මිදි පොකුරු හා මිදි වැල් කැටයම් කළ වීදුරුවලින් යුක්තය. රෝම පල්ලි සිහිගන්වන මෙම ජනෙල් කවුළු පහළ මාලයේ ජනෙල් කවුළුවලට වඩා විශාල වන අතර ජනෙල් වීදුරු පිටත ආලෝකය වර්ණ ගැන්වෙන ලෙස සැකසුණු ඒවාය. මේවා ද ආනයනය කර ඇත්තේ ඉතාලියෙනි. ඉහළ මාලයේ බිත්ති විශේෂිත ක‍්‍රමයකට ඉදි කොට ඇත. ගල්, ගඩොල් භාවිත නොකර තේක්ක දැව කදන් සිටුවා මැද කුහරයක් නිර්මාණය වන ලෙස දැව කණු මැදි කොට දෙපසින් තේක්ක රීප්ප ගසා ඒ මත හුණු මිශි‍්‍රත සිමෙන්ති බදාමයක් ගැසීමෙන් බිත්ති නිර්මාණය කොට ඇත. මෙමඟින් සිසිල් බවක් කාමර තුළට ලබා ගෙන ඇති අතර පිටත ශබ්ද නොඇසෙන තත්ත්වයක් ද නිර්මාණය වී තිබේ.
නිවස පිටුපස එළිමහන් භූමිය විශාල මිදුලක් නිර්මාණය කරන අතර ඊට දකුණු පසින් සේවක කාමර, කුස්සිය, රථ ගාල් ආදිය වෙයි. මෙතැනින් මෙම බිම බෑවුම් වන්නේ කළු ගෙඟ් වම් ඉවුරටයි.
මෙවන් වූ මන්දිරය දශක තුනක පමණ කාලයක් කළුතර වැසි ජනයාගේ  ඕනෑ එපාකම් සොයා බලන, නායකත්වය සපයන, දේපළ ආදායම් ලබා දෙන, ඉඩම් ප‍්‍රශ්න පවුල් ආරවුල්වලට විසදුම් සපයන ජනයා ගැවසුනු, ප‍්‍රභූන්, දැසිදස්සන් පිරුණු භූමියක්ව තිබුණි. දශක තුනකට පමණ පසු මේ මහා මන්දිරය හා සුවිශාල දේපළ කෙරෙහි ඇල්ම බැල්ම හෙළු ඉරිසියාකාර දේපළවලට ලොබ බැන්දවුන්ගේ කේලම් හා කුමන්ත‍්‍රණ නිසා මන්දිරයේ පාදම දෙදරා යන්නට විය. සැමදා සාමාන්‍ය ජනයාට විවරව තිබූ මේ මහා මන්දිරයේ ඉදිරිපස දොර කවුළු වසා තිබුණු බවට කිසිදු සාක්‍ෂියක් නැත. එවන් පොදු ජනයාටම කැප වුණු මහාමුදලිවරයකුට වුව පූරුවේ කළ කරුමයකට මුහුණ දෙන්නට වන්නේ සනාතන ධර්මයට අනුවය.


තොරණ 7ක් බැඳ මඟුල් කා කරකාර බැඳගත් ආදරණීය බිරිඳ මැදුරේ සේවය කළ කෙනකු සමඟ සම්බන්ධයක් තිබෙන බව මුදලිවරයාට දැන ගන්නට ලැබෙන්නේ මේ කතාවට අවසානයක් එකතු කරමිනි. මේ වන විට මුදලිවරයාට වයස අවුරුදු 51කි. සූරියබණ්ඩාර ළමාතැනීට වයස අවුරුදු 50කි. ඒ නිසා මෙය විශ්වාස කළ නොහැක්කක් වුවත් මේ පවුලට දරුවන් නොමැති වීම කතාව අනියමින් පෝෂණය කරයි. මල් උයනක් සහිත මන්දිරයක සැපවත්ව වාසය කළ මුදලිවරයා උයන සරසන ආකාරය මේ කතාවට කිසිදු සම්බන්ධයක් නොමැති වුවත්, අද එහි ගොස් සදළුතලයට වී ඉදිරිපස බිම දෙස නෙත් යොමන්නකුට එහි සම්බන්ධයක් ඇත්දැයි සැක උපදී.
උයනේ තිබෙන පිරිමි දරුවන්ගේ හා කාන්තාවන්ගේ පිළිම දෙස බලා සිටීමේ දී මතු වන ශෝකජනක හැඟීම් හා පාළුව දරුවන් නොමැතිව නිවස තුළ වාසය කළ මුදලිතුමාගේ චිත්තඅභ්‍යන්තරය සිහිගන්වයි. නැති නම් සූරියබණ්ඩාර ළමා තැනීගේ චිත්ත පීඩාව සිහිගන්වයි.  විදේශ රටකින් ගෙන්වා මෙහි තැන්පත් කළා යැයි සිතිය හැකි  පිළිම ග‍්‍රීක පිළිම කලාවේ ආභාෂය ලබා ඇති අතර සියලූ කාන්තා ප‍්‍රතිමා මැදුරට පිටුපා සිටින ලෙසත් කුඩා පිරිමි දරුවන්ගේ ප‍්‍රතිමා නිවසට අභිමුඛ කොට ස්ථානගත කර තිබෙන්නේ කතාවට අලූත් රසයක් එක් කරමිනි. අක්කර 40ක විහිදුනු මනරම් මේ උයන එදා විවිධ වර්ගයේ දේශීය විදේශීය මල් වර්ග තුරු ළතාවලින් අලංකෘතව තිබූ බව කිව යුතුය.
කෙසේ වුව ද මැදුර හා උයන අප ඉදිරියේ කුමන කතා මැවුවත් මුදලිතුමා සම්පත් හැර දමා යන්නට තීරණය කර තිබුණි. බිරිඳගේ අනියම් සම්බන්ධය විශ්වාස කර හෝ නොකර මැදුරටත් තම බිරිඳටත් සමු දී සියලූ සැප සම්පත් හැර දමා මුදලි ධුරය ද අත හැර නුවර කුවින්ස් හෝටලයේ 75 වැනි කාමරය කුලියට ගෙන එහි හුදකලාව වසන්නට තීරණය කළේය. බිරිඳ ඇයගේ මහ ගෙදරට යවා මසකට එකල වටිනාකමින් රු. 300ක් හා පොල් ගෙඩි 250ක් ඇය ජීවත්ව සිටින තුරා යවන ලෙසත්, ඉතිරි දේපල පිරිමි ළමයින් රැක බලා ගැනීම සඳහා යොදවන ලෙසත් අන්තිම කැමති පත‍්‍රය ලියා තැබුවේය.
අද ඒ කැමැත්ත එලෙසම ඉටුවෙමින් රිච්මන්ඞ් කාසල් පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයක් හා පිරිමි ළමයින් සඳහා රැක බලා ගැනීමේ මධ්‍යස්ථානය රිච්මන්ඞ් කාසල් තුළ වෙයි. අද ද මුදලිගේ දේපළ ආදායම එම ළමයින්ට ඉගැන්වීම් කටයුතු සඳහා යොදා ගැනේ. අද රිච්මන්ඞ් මැදුරේ අයිතිය මහාභාරකාර තුමා සතුය. 1947 ජූලි මස 08 වැනි දින මිය ගිය දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමාගේ අන්තිම කැමැත්ත එසේ ඉටු වෙද්දී මහා ධනස්කන්ධයක් දානය කොට සියලූ ආශා අත් හළ වංශවතකුගේ කතාන්දරය සඟවාගෙන තවමත් රිච්මන්ඞ් කාසල් විරාජමානව වැජඹෙයි.
විශේෂ ස්තූතිය - මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතාට
රිච්මන්ඞ් කාසල්හි සහකාර ස්ථාන භාර නිලධාරි විමලසිරි හෙට්ටිආරච්චි මහතාට
https://www.lankadeepa.lk/features/%E0%B7%83%E0%B6%BA%E0%B6%BD-%E0%B6%86%E0%B7%81-%E0%B6%85%E0%B6%AD%E0%B7%84%E0%B6%BD-%E0%B7%80%E0%B7%81%E0%B7%80%E0%B6%AD%E0%B6%9A%E0%B6%9C-%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA/2-21915
සටහන, ඡායාරූප: මංගල කීර්ති ද පැස්කුවල්

Friday, September 2, 2016

ලංකාවේ ජාල සාහිත්‍යය පිළිබඳ සංෂිප්ත සටහනක්


අන්තර්ජාලය ලොව පහළ වන්නේ 1970 දශකයේ මැද භාගයේය.එය වඩාත් උත්කර්ෂයට ලඟාවන්නේ 1990 දශකයේ මුල භාගයේ බිහිවන වෙබ් අඩවි නිර්මාණය වීමත්  සමඟයි. අදවන විට ලෝකයේ වෙබ් අඩවි බිලියනයක් පමණ නිර්මාණය වී තිබේ. ඒවා විවිධ විෂය ධාරා ඔස්සේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් සැකසී ඇත. e learning , e magazine, e marketing, e channeling  ආදී වශයෙන් විවිධ ඉසව් ඔස්සේ එය ව්‍යාප්ත වෙමින් තිබේ. 2016 වර්ෂය වන විට මෙම මහා විප්ලවයට  වසර 25 ක් සපිරෙයි. (1991 - 2016) WWW. හෙවත් ලෝක ව්‍යාප්ත ජාලය බිහිකළ Tim Berners-Lee  වත් නොසිතූ ආකාරයට  ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ජාලයට හසුවෙමින් තිබේ. මේ තුළ දැකිය හැකි ප්‍රවණතාවක් ලෙස  e reading  ඳුන්වා දිය හැකිය.
අන්තර්ජාල සාහිත්‍ය හෙවත් e සාහිත්‍යයක්, සයිබර් සාහිත්‍යයක් ලෙස හදුන්වන මෙය සමස්ත ජාලය තුළ විහිදී විසිරී තිබේ. අන්තර්ජාලය ප්‍රමුඛ නව මාධ්‍යයේ  මූලික ලක්ෂණය වන්නේ එය තිර (screen) මාධ්‍යයක් වීමයි.  Desktop පරිගණක වල සිට ටැබ්ලට් ස්මාර්ට් Phone හරහා virtual reality දක්වා විවිධ වර්ගයේ තිර මත විවිධ ප්‍රමාණයෙන් දෘශ්‍ය වන මාධ්‍යයක් ලෙස මෙය දැක්විය හැකිය. එහි කියවීමේ රුචිය වෙනුවෙන් ඇති ඉඩ සැලකීමේදී හෙළිදරව් වන  මූලික ලක්ෂණයක් පැහැදිලි කරන එරික් ඉලයප්පආරච්චි දක්වන්නේ  ඉක්මනින්ම කියවාගත හැකි දේ පමණක් සාහිත්‍ය බවට පත්වන බවයි.  ඔහු එයින් අදහස් කරන්නේ පොතක් ගැඹුරට කියවා බැලීමක් සිදුකළ හැකි වුවද ජාල සාහිත්‍ය තුළ එසේ කළ නොහැකි බවයි. (ඉලයප්ප ආරච්චි, 2015)
ජාල සාහිත්‍ය සතු ලක්ෂණ ගණනාවක් තිබේ.
01.තිර මාධ්‍යයක් වීම.
02.ප්‍රතිචාර දැක්වීමේ හැකියාව
03.බහු මාධ්‍ය ස්වරූපයක් ගැනීම (රූප,වීඩියෝ දර්ශන,හඬ පට ) ආදිය ඒ අතරින් ප්‍රධාන වේ. ජාල සාහිත්‍ය ගොඩනගන ප්‍රධාන මෙවලම් වන්නේ
Ø  සමාජ ජාල වෙබ් අඩවි
Ø  බ්ලොග් අඩවි
Ø  වෙබ් අඩවි
ආදියයි. මෙයින් ලංකාවේ  වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ සමාජජාල වෙබ් අඩවි හා බ්ලොග් අඩවි  වේ.
ලංකාවේ ජාල සාහිත්‍ය සැලකීමේදී වඩා හොඳ ප්‍රවණතාවක් හඳුනාගත හැකිය. විශේෂයෙන් කවි සදහා ජාලයේ  ඉඩ වෙන්කරගන්නා පිරිස වැඩි බව පෙනීයන කරුණකි. ඉතා සාර්ථක ආකාරයෙන් රචනය වන නිදහස් ,නිසඳැස් හා සඳැස් කවි ජාලය තුළ වෙයි. දේශපාලන අදහස්, සමාජ ප්‍රශ්න, පුද්ගල මූලික කරුණු, ප්‍රේමය ,විරහව වැනි මනෝභාවයන් මෙන්ම දයාව කරුණාව ,පරිසර හිතකාමිත්වය, ආචාරධර්ම ආදිය ද  ජාල සාහිත්‍යයේ කවි තුළ වේ.

රුවන් බන්දුජීව නම් ප්‍රතිභා පූර්ණ කවියාගේ ආගමනය ජාල සාහිත්‍ය ඔස්සේ සිදුවුනා යැයි මගේ විශ්වාසයයි. සමාජ සංසිද්ධි විවරණය වන අයුරින් ඔහු ලියූ කවි විවිධ පරාසයන් තුළ විසිරී තිබේ. සීගිරි කුරුටු ගී  ආකෘතියට ගී විරිතෙන් ඔහු රචනා කළ කවියක් මේ දිනවල boondi.lk  වෙබ් අඩවියේ පළවී තිබෙනු දුටුවෙමි. සීගිරි ගලේ බඹර වද කැඩීම සම්බන්ධයෙන්  එම කවිය රචනා කර ඇත. කාලීන ප්‍රශ්න විවිධ ආකෘති ඔස්සේ ඉදිරිපත් කිරීමට බන්දුජීව සාර්ථක උත්සහයක් ගෙන තිබේ. ඔහුගේ තවත් කවියකි “කුණ්ඩලකේසි”

මාල කඩනවා සත්තුක මඩමේ ලගිනවා සත්තුක
රාජ පුරුෂයෝ නිතරම පැලට පනීවී
බතක් මාළුවක් බැඳගෙන පියඹා ගිහින් වැලිකඩ
කසෙන් තැලුම් කෑ සත්තුක සනසපු දේවී

නූතන කුණ්ඩලකේෂිය ගැන ඔහුගේ විග්‍රහය අපූරුය. Boondi.lk ජාල සාහිත්‍යට විශාල සේවයක් කරන වෙබ් අඩවියකි. කවි,කතා අදහස්  හා විචාර වෙනුවෙන් එහි ඇති ඉඩ ඉතා අගනේය. කවි ගත්විට හයිකු කවි ,පරිවර්තන කවි, වෙනස් කවි, කවි කරන්ට්ස් ආදී ලේබල් යටතේ කවි වර්ග කොට සාහිත්‍යයට ඇලුම් කරන කියවන්නන්ට මෙන්ම ලියන්නන්ට ඉඩ විවර කොට දී තිබේ. Boondi.lk තුළ ඇති විවිධ කරදර, දූෂණ වංචා  විවරණය වන කවි පංති දුටුවිට පැරණි කවි කොළද මතක්වේ. තරුණ කවීන්ට තම සිතැගි කලාත්මකව හා සංවරව ඉදිරිපත් කරන්නට එය තෝතැන්නකි. මාලතී කල්පනා ඇම්බ්‍රෝස්, ඩොමිනික් චන්ද්‍රසාලි,  ඩී. එම්. ටීම්රාන් කීර්ති,  විනෝදි පෙරේරා, රුවන් බන්ධුජීව මා සිත්ගත් කවිකාරයින් කිහිපදෙනෙකි. ඉතා නිර්මාණශීලී කවි සහ කතා සාහිත්‍යයකට Boondi  හොඳ ඉඩක් බව  කිවයුතුමය. මේ ඊට හොද උදාහරණයකි
අපේ අම්මා හැර සේරම බුදු වේවා...!
නිමිත්ත- අම්මා වෙසනක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව.

පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදි ද කෝම
බක්මහෙ කොවුල් බිත්තර පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් ඉල්ලනවද ගේම

තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වණේ පාරන්නේ වන පල විස වී නම්
නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!

'
සතා' කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා! වැඳපන් අම්මාට....

දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
ලොකු හාමුදුරුවොත් අණකර බණ පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුළක් නැටුවා
අම්මා බණ කතාවක් බුදු මැදුරෙත් ලිව්වා

රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණ බඹරු ඉටිමල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
අන්තර්ජාලය තුළ නවකතාව  හා කෙටිකතාවට ලබාදෙන ඉඩ ලංකාවේ ජාල සාහිත්‍ය තුළ විශාල අගයක් නොගන්නා බව කිවයුතුය. ලෝකයේ e novel යන්න නූතනයේ ප්‍රසිද්ධියට පත්ව තිබේ. පසුගිය වසරේ ඊ සංකලණී නමින් ජාල සාහිත්‍ය කෘතියක් එළිදැක්වීම පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේද අවසර ඇතුව සිදුවූවකි. එය අතට ගෙන කියවන්නට නොව තිර මාධ්‍යයේ කියවන්නන්ට හොඳ  පූර්වාදර්ශයකි. සයිබර් සාහිත්‍ය ඉතිහාසය ගැන ලිපියක් ලියන දයා දිසානායක  සිංහල භාෂාවෙන් ජාලයේ පළවූ පළමු නවකතාව ලෙස “වෙස්සන් නොවූ වෙදුන්” හඳුන්වා දෙයි. ඒ 2003 දීය. එහි කතුවරයා වන්නේද ඔහුය. ඔහු දක්වන ආකාරයට ආසියාවෙන්ම පළමුවෙන් ජාලගත වූ නවකතාව වනුයේ  ද සාධු ටෙස්ටමන්ට් නම් නවකතාවයි. ඒ 1998 දී ය. ( දිසානායක, 2015)
කෙසේ වුවද ජාල සාහිත්‍ය  තුළ නවකතාව, කෙටිකතාව, කවිය, විචාරය මෙන්ම විවිධ විෂයික කෘති විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ.
විශාල සිංහල බ්ලොග් අඩවි ප්‍රමාණයක් අන්තර්ජාලය තුළ  දැකගත හැකිය. “සිංහල බ්ලොග් කියවනය”, Kottu.org වැනි බ්ලෝග්  එකතූන්(Portal) තුළට පිවිසීමෙන් එවැනි බ්ලොග් අඩවි වලට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉහතින් දැක්වූ නව මාධ්‍ය තුළ වන තිර මාධ්‍යය ස්වභාවය යන්න ලේඛනයෙන් වෙනස් වන්නේ භෞතිකව  අත නොරඳන නිසා පමණි. සංකල්පීයව ගත් කළ ලේඛනය තුළින් සිදුවන පරිකල්පනය තිර මාධ්‍ය තුළදීද  වෙනස් නොවේ. රසය විචාරය සඳහා එය ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය. බාධාවක් ඇත්තේම නැත. ශාස්ත්‍රීය ලේඛනයක වුවද අවශ්‍ය දේ පමණක් කියවා බලා ගැනීමට ඇති හැකියාව හා පහසුව තිර මාධ්‍ය තුළ වැඩිවනවා මිස අඩුවන්නේ නැත.
අනෙක් වැදගත් කරුණ  වන්නේ විචාර හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවයි. එය කතුවරයා හා පාඨකයා අතර  කවදාවත් නොවූ තරමේ සමීපතාවයක් ගොඩනංවයි. මෙය සදය මෙන්ම නිර්දය විවේචනයට හා  ඇගයීම මගින් කෘතිය පෝෂණය කරයි. විටෙක ඒ මෙහොතේම කෘතියේ යම්යම් ඉසව් පාඨක රුචියට ගැලපෙන  ලෙස වෙනස්කම් වලට භාජනය කිරීමට කතුවරයාට ඉඩ ලැබේ. අහිතකර නොවන අන්දමින් කතාවක් ,කවියක් සම්බන්ධයෙන් බහු කතෘ දායකත්වයක් සදහා ජාල මාධ්‍ය තුළ ඉඩ තිබේ. එය අලුත් නිදහස් ආකෘතියක් වනු ඇත.
එසේම text  හෙවත් අකුරු වලින් එහා ගිය රූප ,ශබ්ද ,චලන රූප  ආදී සියලුම මාධ්‍යයන්  ලේඛනය පෝෂණය කරයි. එය රස විදීමේ නිම් වළලු වඩා හොදින් පුලුල් කිරීමකි. නමුත් විටෙක එය පරිකල්පනයට බාධාවකි.
ජාල තුළ බිහිකරන සාහිත්‍ය තුළ මුද්‍රිත ලේඛන සමයේ තිබුණු ආකාරයටම අභියෝගයට  ලක්වන ලේඛනද  නැතුවා නොවේ. විශේෂයෙන්  අශ්ලීල ප්‍රකාශන  සඳහා  විශාල බ්ලොග් අඩවි ප්‍රමාණයක්  ජාල සාහිත්‍ය තුළ වෙන්ව තිබීමෙන් ඒ බව වඩාත් පැහැදිලිවේ.
මේ ආදී වශයෙන් ගත්කළ  ජාල සාහිත්‍ය තුළින් කියවීමේ ඉඩ පුලුල් වී ඇත.  නිදහස, ස්වයං වාරණය සහිතව භුක්තිවිදිනවා නම් රටේ අසාධාරණය ,අවනීතිය ,සාරධර්ම යනාදිය මෙන්ම රසය ,සෞන්දර්ය වෙනුවෙන් කෘති පළවීමට හා කියවීමට ඇති ඉඩ ඉතා හොඳින් සැලසී ඇත. සාහිත්‍යයේ ගුණ විනාශ වනවා යැයි වී යනවා යැයි කෙනෙකු තර්ක කළත් මා දකිනා ආකාරයට අධිපතිවාදයෙන් තොර සැබෑ උන්නතිකාමී සාහිත්‍යයකට ජාලය ලොකු ඉඩක් වෙන්කර දෙයි. ඕනෑම මාධ්‍යයක් අසංවරව භාවිත කළ විට ලඟා වන ප්‍රයෝජනයක් නැත. හානිය පමණි. ජාලය ද උවමනාවක් සහිත දක්ෂ නිර්මාණකරුවාට හා රසිකයාට  මනා පිටුවහලකි.
පොතක් ලියා පළ කරන්නට විශාල මුදලක් වැයවේ. රස්තියාදු වන්නට සිදුවේ. ජාල සාහිත්‍ය කතුවරයාව ආර්ථික බැම්මෙන් නිදහස් කරන්නේ ආර්ථිකය මගින්  කෘතියක නිර්මාණක්ෂිය මොටකරන යුගයක වීම මෙහි ඇති විශේෂත්වයයි. නිර්මාණකරුවා මේ බව පසක්කොටගෙන සිටීම අනාගත සාහිත්‍ය අභිවෘද්ධියේ කඩඉම වනු ඇත.

ආශ්‍රේය ලිපි හා වෙබ් අඩවි

ඉලෙයප් ආරච්චි,එරික්.(2016),සමාජ ජාල සාහිත්‍ය ප්‍රබෝධය ඉතාම හානිකරයි, ඉරිදා පුවත්පත, 2016 ජුනි 05 ,පිටුව 23.

දිසානායක,දයා.(2015). සයිබර් අවකාශයේ ලියවෙන සාහිත්‍ය. 2015.04.21 srilmagazine.blogspot.com.

කීර්ති, ඩී.එම්.ටිම්රාන්.(2016) අපේ අම්මා හැර සේරම බුදු වේවා...! 2016.ජූනි 15 ,කවි බූන්දි.Boondi.lk


බන්දුජීව,රුවන්.(2014) සීගිරි කුරුටු ගී,2014.නොවැම්බර් 27 ,කවි බූන්දි.Boondi.lk

බන්දුජීව,රුවන්.(2012) කුණ්ඩලකේෂි,2012.ජූලී 25 ,කවි බූන්දි.Boondi.lk


මංගල කීර්ති ද පැස්කුවල්