Wednesday, October 3, 2012

දවසක් පැල නැති හේනේ

දවසක් පැල නැති හේනේ
සම්පාදනය මංගල පැස්කුවල්
          ගීතය,  නූතන කලා මාධ්‍ය තුළ අතිප‍්‍ර‍්‍රබල අංගයක් වන්නේ එහි තිබෙන සර්ව කාලීන හා සර්ව භෞමික ගුණය නිසයි. ගේය පද රචනයත් සංග’තය හා ගායනයත් ග’තයක අනිවාර්ය ලක්ෂණ වේ. යම්කිසි පදමාලවකට තණුවක් නිර්මාණය කරගෙන එම තනුව පෝෂණය කරන සංග’ත මාධුර්යත් මිනිස් හ`ඩ මාධුර්යත් භාවිතා කරමින් ග’තය කලාංගයක් ලෙස සමාජ ගත වන්නේ ප‍්‍රාථමික යුගයේ සිට අද දක්වා ක‍්‍රමිකව සිදුවන වර්ධනයක් ද සමගයි.
            දේශ’ය හෙවත් ලාංක’ය සංස්කෘතික පරිසරය තුළ ග’තයේ විවිධ අවධීන් හා ව්‍යාප්ත’න් පසුගිය සමයේ ග’තය රසවිද’ම හා අධ්‍යයනය කිර’මේදි හඳුනා ගන්නට ලැබේ. කලාව යනු නිශ්චිතව මූලික අරමුණක් වටා ගෙතුණු ක‍්‍රියාදාමයකි. ඒ අනුව ග’තය තුළද එම ලක්ෂණය ගැබ්ව තිබේ. රසය ඇති වන්නේ එම අරමුණ ල`ගාකරගත හැකි තරම් උචිත පෝෂණ’ය සාධක ග’තය තුළ ගැබ්ව තිබීම මතයි.
”දවසක් පැල නැති හේනේ ” ග’තය 80 දසකයේ පමණ ලියවුණු ග’තයකි . මෙහි ගායනය හා සංග’තය ගුණදාස කපුගේ ගෙනි. මේ ග’තය අම්මා ගැන ලියවුනු ප‍්‍රශස්තම ග’ත අතරින් එකක් බව විද්වතුන්ගේ අදහසයි. මෙහි රස නිශ්පත්තිය උදෙසා ගේය පද රචනය තුළ ඇති අපුර්ව භාවිතය විමසා බැල’ම වටිනවා. න’ත’ඥවරයකු වන රංබණ්ඩා සෙනවිරත්න ලියු මේ ග’තයට පාදක වන ප‍්‍රධාන තේමා තුනක් තිබෙන බව ග’තය අධ්‍යනය කිර’මේදි පෙනි යන කරුණක්.
01. ස්ථායි කොටසේ තිබෙන නුවර කලාවිය පදනම් කරගත් කුඩා දරුවකු මව සමඟ ගෙවු ළමාකාලය.
02. එම දරුවාගේ තරුණ අවධියේදි නුවර පරිසරයෙන් සිදුුකරගනු ලබන විවාහය.
03.රැුකියාවක් සොයාගෙන කොළඹ පැමිණ ගත කරන ජ’විතය.
 අපි අසා ඇති පරිදි රංබණ්ඩා මේ ග’තය ලිව’මට දැඩි පරිශ‍්‍රමයක් දරා තිබේ. වඩා සියම් තැන් ඉස්මතු කරමින් ගැඹුරු අර්ථකථන ගැබ් කොට රසවත් ග’තයක් සමාජගත කිර’මට ඔහු තුළ ඇති අරමුණ මේ ග’තය තුළ වඩාත් හොදින් දෘෂ්‍යමාන වන බව මගේ හැග’මයි.
”දවසක් පැල නැති හේනේ
 අකාල මහා වැහි වැස්සා
 තුරුලේ හංගාගෙන මා
 ඔබ තෙමුණා අම්මේ
 පායන තුරු හිටි පියවර
 සිටියා ඔබ අම්මේ”
කතාන්දරයක් කියන ස්වරුපයෙන් මේ ග’තය ආරම්භ කර තිබේ. එකමත් එක කාලයක එක්තරා දවසක නුවර කලාවියේ ගොවි ගමක දුප්පත් පවුලක පුංචි දරුවෙක් වැස්සෙන් ආවරණය කරගෙන හිටි පියවර සිටි අම්මා කෙනෙකු ගැන මේ කොටසේ දි රචකයා කියයි. අප දන්නා අයුරින් නුවර කලාවිය යනු කෘෂිකර්මාන්තය මූලික කරගත් සරල දිවිපෙවතක් ඇති අව්‍යාජ පරිසරයකි. හේන් ගොවිතැනෙන් ජ’විකාව ගෙනයන පවුලක අදද හරි අපූරු සුන්දරත්වයක් තිබුනද සැ`ගවුණු ඛේදාන්තයක් තිබීමද  විශේෂත්වයකි. වර්තමානයේ වල් අලි උවදුුරු , දැඩි නිය`ගය , අකල් වැහි , වගා කල දේ නිසි මිලට විකුණා ගත නොහැකි ව’ම, එනිසා සිදුවන හදිසි සියදවි නසා ගැනිම් මේ කලාපයේ දක්නට ලැබේ. මේ ග’තයේ කියවෙන පරිදි අකල් වැස්සක් පැමිණ’ම විවිධ අරුත් මතුකරයි. පැලක් නොතිබුණු හේනකදි පුංචි පුතුණුවන් වැස්සෙන් ආරක්ෂා කරගන්නට මවක් ගන්නා වෙහෙස මහන්සිය නිරූපනය කරන කවියා ඒ තුළින් ම දෘෂ්‍යමාන කරන අනෙක් ලක්ෂණය වන්නේ ඔවුන්ගේ පවුලේ පියකු නොසිටි බවයි. ඔවුන්ගේ පවුලට පැමිණි අකල් වැස්ස පියාගේ මියයාමම විය හැකිය. අකල් වැස්සක් යනු කලට වෙලාවට නොව නොසිතු නොපැතු මොහොතක පැමිණෙන වරුසාවකි. පියා හදි්සියේ වල් අලියකු පහරදි  මිය ගියා විය හැකිය. එවිට මවත් දරුවාත් තනිවේ.පැල නැති හේන යන්න මේ ප‍්‍රස්තුතයේ ගැඹුර වැඩි කරයි. කාලයක් වියළි ව  තිබි නොසිතු මොහොතක වැස්සක් ඇද හැලුනහොත් සමස්ත ජ’වන රටාවටම බාධා ඇති කරයි. එවැනි වැස්සකට හසුවුවහොත් විවිධ අසන’ප වැලෙ`ද්. වගාවන් හානිවේ. කෘමිඋවදුුරු වැඩි වේ. වර්තමානයේ නම් අකල් වැස්සකට උපමා කළ හැකි ගැලපෙනම තත්වය වල් අලි ප‍්‍රහාරය යි.පුද්ගල හානි දේපල හානි  අනියත බිය ඒ තුළ වෙයි. ඒ තුළින් සමස්ත ජ’වන රටාවම අවුලට පත්වේ. එය වන්නියට ආවේණික ලක්ෂණයකි.  එය පැලක් නොමැති හේනක අකල් වැස්සකට හසු වූ වීමක් නොවේ ද? සැමියා මිය ගොස් නිවසද විනාශ ව’ ඇති මොහොතක පටාචාරාව තම දරුවා හිටි පියවර හිදිමින් ආරක්ෂා කර ගත් බවත් සද්ධර්ම රත්නාවලියේ පටාචාරා වස්තුුවේ සදහන් වේ. හේන් සංස්කෘතිය තුළ පැලක් ද නැතිව පියෙක් ද නැතිව තනි ගැහැනියක් තම දරුවා පෝෂණය කළේ යම්සේ ද එය ඇස් දෙකෙන් දකින්නට මේ ග’තයේ ස්ථායි කොටස අපිට හුරු කරයි.
”නුවර ව’දි යට කරගෙන
නින්දා වැහි වැගිරුන දා
බිරිදකගෙ සෙනේ ගියා
යෝධ ඇලේ නැම්මේ
මවු සෙනෙහස සුවඳ දිදි
දැනුණා මට අම්මේ
   බොහෝ දෙනා මෙය මවු ගුණ ග’යක් ලෙස විග‍්‍රාහ කරන්නට උත්සහාකළත් වර්තමාන  සමාජ කියව’ම පිළිබඳ ද විිශාල ඉඩක් ග’තය තුළ වෙන්ව තිබෙන බව මගේ හැ`ග’මයි. පියකු නොමැති මවුතුරුලේ ඉතාම අමාරුවෙන් ජ’විකාව ගොඩනගා ගත් පුතාගේ නුවර සම්ප‍්‍රාප්තිය ඉන්පසු සිදුවේ. නුවර කලාවියෙන් කන්ද උඩරටට හෙවත් නුවර රාජ්‍යට එන්නේ තරුණයෙකි. ලාංක’ය පෙරදිග සංස්කෘතිය තුළ තරුණ විය එලඹෙත්ම යොමු වන්නේ වෛවාහක සම්බන්ධයක් ඇතිකර ගැන’මටයි. ආර්ථික සැලසම්කරණයක් නොමැතිව වුවත් සංස්කෘතික ව දායාදකර දී තිබෙන යම්යම්  විිශ්වාසයන් සිරිත්විරිත් ලාංක’ය තරුණ ප‍්‍රජාව අදද නොවෙනස්ව කි‍්‍රයාවට නංවයි. නුවරට විශේෂිත වු ග‍්‍රාම්‍ය ලක්ෂණ මෙි ග’තය තුළ මනාව ඉස්මතු විි පෙනෙයි. කුල වාදය , නම්බුව නුවර තිබෙන විෂ බීජයකි. නින්දා වැහි මැදින් විවාහයක් කරගත් බව මේ ග’තය තුළින් කියවේ.ඒ නුවරින් ය. මේ නින්දා විිදින්නට හේතු වන්නට ඇත්තේ නම්බුකාර මැණිකේ කෙනෙක් විවාහ කරගන්නට මේ ගැමි තරුණයා නුසුදුසුයැයි නුවර සමාජයේ ජේත්තු කාර මිනිසුන් සිතු නිසා විය හැකිය. නුවර ව’දි සහිත නගරයකි. ව’දි මැදින් යන ඔහුට මිනිසුන් විවිධ අවලාද කියන්නට ඇත.නිකමා ගොඩයා කියා අවඥා සහගත ලෙස කතා කරන්නට ඇත.බොහෝ දුරට මෙම විවාහය බින්න විවාහයකි.
”නුවර ව’දි යට කරගෙන
නින්දා වැහි වැගිරුන දා”            
    යනුවෙන් රම්බණ්ඩා සෙනෙවිරත්න ලියන්නේ තමන්ගේ කතාවමදැයි මට හිතේ. ඊළ`ග ගේය පදය මේ ග’තය තුළ තිබෙන වඩාත්ම ගැඹුරු දර්ශනය ඉස්මතු කරමින් මේ ග’තයේ තිබෙන අපුර්වත්වය සිය දහස් ගුණයක් ඉහළ නංවයි.                 
”බිරිදකගේ සෙනෙහේ ගියා යෝධ ඇලේ නැම්මේ”
         මවත් බිරි`දත් අතර ඇති වෙනස මේ ග’ පදයෙන් කියා පායි. ඔබ අසා ඇති පරිදි යෝධ ඇල යනු සැතපුමක් තුළ අඟලට බෑවුම් වු ඇල මා්රගයකි. එය ලාංක’ය වාරි තාක්ෂණයේ උත්කෘෂ්ඨ නි්ර්මාණයක් බව කියයි. මෙම ඇලත්  බිර`ිදකගේ සෙනෙහසත් අතර ඇති සම්න්ධය කුමක්ද? එය අපූර්ව යෙදුුමකි. ඇසට නොපෙනෙන තරම් වු සියුම් බෑවුමක් ඇති යෝධ ඇලේ නැම්මට බිරි`දකගේ සෙනෙහස උපමා කර තිබේ. ඉන් රංබණ්ඩා කියන්න උත්සහා කළේ නින්දා වැහි මැද්දේ විවාහ කරගත් බිර`ිදකගේ සෙනෙහස ක‍්‍රමයෙන් අඩුව’ යන්නේ යෝධ ඇලේ වතුර බැස යන්නා වගේය කියා ය. මෙය සමස්ත සමාජයේ සදාතනික සත්‍ය නොවේද? ආදරය කරන සමයේ පේ‍්‍රමය වෙනුවෙන් චාටු බස් කියන පෙම්වතිය විිවාහයෙන් පසුව ක‍්‍රමයෙන් තම සරළ ආශාවන් වලට පමණක් මූලිකත්වය දෙමින් ගැඹුරු ජ’වන රටාව තේරුම් නොගෙන ස්නේහය නිරායාසයෙන් අඩුකර ගනි.ගැටුම් ඇතිකර ගනී. අනවබේධය වර්ධනය වෙයි.සැක කරයි. නමුත් රංබණ්ඩා සෙනෙවිිරත්න කියන්නේ මවකගේ සෙනෙහස කිසිදා අඩු නොවීී එදා වගේම  අදත් වෙනසක් නොවී තිබෙන බවයි.  ඕනෑම ඇලක ජලය බැස යයි. නමුත් විශේෂත්වය එය නොවෙයි යෝධ ඇලේ වතුර බැස යන ආකාරයයි.එය ඇසට නොපෙනේ. බිර`ිදකගේ ආදරයත් එසේමය.කාලයත් සම`ග අඩුවේ. නමුත් නොපෙනේ.පිටත සිට බලන්නෙකුට වෙනසක් නොපෙනේ. නමුත් පවුල තුළ පේ‍්‍රමය දුරස්ව ගොසින.ි කෙනෙකු කියන්නේ පවතින සමාජ ආර්ථික තත්වය නිසා මතුවන සංකීර්ණතාවය හමුවේ පේ‍්‍රමය අඩුවීම සාධාරණ බවය. කෙසේ වෙතත් මවත් බිර`ිදත් අතර වෙනස මේ යැයි  කියන්නට රංබණ්ඩා වඩා සියුම්ව උත්සාහගන්නේ බිර`ිදකගේ හා මවකගේ සෙනෙහස පිළිබඳව තමා තුළ වු අත්දැකිම් නියමාකාරයෙන් අධ්‍යයනය කිර’මෙන් පසුව දැයි අපට විටෙක සිතේ.
          දෙවන අන්තරා කොටසේ මේ ග’තය තුළ තුන්වන වැස්සත් මේ තරුණයා ඉදිරියේ ඇදහැලෙන්නට සලස්වයි. එය මීට පෙර ඇදහැලුණු වැසි දෙවර්ගයටම වඩා වෙනස් හා දරුණු වර්ෂාවකි. නුවර කලාවියේ ගමක සිටිද්දි ඇද හැලුණු අකල් වැස්ස මෙන්ම ගැහැණියක් සොයා නුවරට සංක‍්‍රමණය ව’මත් සමඟ ඇදහැලුණු නින්දා වැස්ස වගේම මේ වැස්සත් ඇදහැලෙන්නේ නුවරින් කොළඹට සංක‍්‍රමණය ව’මත් සමඟමය. ඒ රැුකියාවක් සොයාගෙන කොළඹ එන ජවිතය තුළයි. නුවරින් මැණිකේ කෙනෙකු විිවාහා කරගත්තත් ආර්ථිකය අතින් සාර්ථක නොවුණු තරුණයෙකුට වංශවත් බවක් නොමැති හේන් ගොවියෙකුගේ පුතෙකුට නුවරදි වින්ද නින්දාව තුරන් කර ගැන’මේ එකම මාර්ගය වන්නේ උසස් යැයි සම්මත රැුකියාවක් සොයා ගැන’මය. වර්ථමානයේ නම් න’ත’ඥයකු වෛද්‍යවරයකු ඉංජිනේරුවෙකු ව’ම වංශවත් විවාහයක් කර ගැන’ම සඳහා මූලික සුදුසු කමයි. මෙි තරුණයා රස්සාවට පෙර පරස්තාව කරගත්තත් දරාගත නොහැකි නින්දාව මැද කොළඹට එන්නේ එවැනි රැුකියාවක් සොයාගැන’මෙි අරමුණින්ය.
”කොළඹ අහස කළු කරගෙන
මුහුදු හුළඟ අඬලනකොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ”
කොළඹ විසල් අහස කළුකරගෙන සුළං හමමින් අනෝරා වැස්සක් ඇද හැලේ. හිස ලා ගත් ඔටුණු මේ සුළගේ හිසදරා සිට’මට නොහැකිව පාවි යයි. වැස්සට තෙමෙයි. ඔටුන්නක් පැල`ද සිටිය යුත්තේ රජ මැදුරක වුවත් කොළඹ නගරයේ මහමග  බොඩිිමක ඔටුනු පැල`ද සිටීම කට වහරයේ ගොන්පාර්ට් එකකි. උපාධිධරයකු න’ති`න්‍දයකු තම රැුකියාව, තනතුර ලැබු පසු ඊට ගැලපෙන ගෞරවයක්, වේතනයක්, තැනක් නොමැතිව ජ’වත්ව’ම අද සමාජයේ දක්නට තිබෙන සුලබ දෙයකි. ඒ නිසා සියල්ල හැරදමා නැවත ගමට යන්නට සිතෙන බවට මේ තරුණයා කියයි. න’ත’ඥයකු ව’මේ අරමුණින් කොළඹට ආවත් උපාධියක් ගැන’මේ අරමුණින් කොළඹට ආවත් රංබණ්ඩාත් මමත් කොළඹදි මුහුණ දෙන සදාතනික සත්‍යයක් එයයි. විසල් මන්දිර මැද ගිනි පෙට්ටි වැනි වු තට්ටු නිවාසවල මිනිසුන් ගාල්කර තිබේ. වසර හතරක් වැනි කාලයක් උපාධිය සම්පූර්ණ කරන්නට කොළඹ නගරයේම මුඩුක්කුවකට බෝඩිින් ගාස්තු ගෙවා පිරිසිදු යැයි සිහිනෙකින් වත් සිතිය නොහැකි වාතාශ‍්‍රයෙන් බඩ පුරවාගෙන ගෙවන ජ’විත ඔබ අප  ඕනැතරම් දැක තිබේ. ඉගෙන ගැන’ම හෝ රැුකියාවක් කිර’ම හෝ වෙනත් අවශ්‍යතාවයක් වෙනුවෙන් කොළඹ ගත කරන ජ’විතය එක්තරා ආකාරයකට බන්ධනාගාර ගතවීමකි.  වටේටම තාප්ප ගසා තිබේ මිතුරන් නැත. අසල්වැසියන්ද නැත. මහන්සියෙන් සොයාගත් රැුකියාව කරන්නට සිදුව’ තිබෙන්නේ කොළඹ ම නැවත’ගෙනය. කොළඹ නෑම කෑම නිදාගැන’ම සියල්ල සිදුවන්නේ සල්ලි වලටය. ලෙඩ රෝග බහුල ය. ගඳ ගහන පරිසරය, වාහන දුම ජිවිිතය වෙලා ගෙන තිබේ.උපාධිය හෝ රැුකියාව ලබාගත් පසු එහි වටිනාකම බාල්දු වී හමාරය. ජීවන වියදම ඉහල ගොසිනි. උපාධියක් ගත් පමණින්  රැුකියාවක් ලැබෙන්නේ නැත.ඒ ස`දහා දේශපාලන හෙන්චයියෙකුගේ කටු ලෙවකෑම අනිවාර්ය සුදුසුකමකි එය නුවරදී වින්ද නින්දාවටත් වඩාදරුණු ය. ඒ නිසා ලබාගත් උපාධියේ හෝ තනතුරේ බර මේ සමාජ තත්වය ඉදිරියේ පාවි යන ඔටුන්නකි. මුහුදු සුළඟ මගින් එන්නේ වෙනත් දේශයන් සිට හමා එන සංස්කෘතික සමාජ ලක්ෂණයන්ය. වර්තමානයේ නම් ඉංග‍්‍රිසි නැතිව කිසිවක් බැහැයි අප කියන්නේ මේ සුළං ධාරාව අපේ ජ’විතය හරහා හමා යෑම ගැනයි.
ඉතින් අම්මේ අනුරාධපුරෙන් නුවරටත් නුවරින් කොළඹටත් ආ ගමනේ වැසි වැටුණා මිස ඒ වැසි වලට තෙමුණා මිස වැස්සෙන්  බේරෙන්නට නොහැකි වුණි. ආයෙත් අනුරාධපුරේ අපි හිටිය හේනට විත් ඔබත් සමඟ ගෙවු සරළ ජ’විතයට එකතු වන්නට සිතේ. නමුත් තවමත් ඔබ මා එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාදැයි මා කෙසේ විශ්වාස කරම්ද? යනුවෙන් රංබණ්ඩා ලියු කවිය ඔබට මට වැටහෙන අපේ ජ’විත යථාර්ථය ගැන ලියවුණු සදාතනික පද පේලියයි.

No comments:

Post a Comment