Wednesday, October 3, 2012

වාක්කුව

වාක්කුව

දවස වෙනදාටත් කලින් උදාවී ඇති සෙයකි.  ඉඳුනිල් උදේ පාන්දරින්ම පිටත්ව ගොස්ය.  දැන් දින කිහිපයක සිට ඉඳුනිල් උදේ පාන්දර අවදි වෙයි.  ලක ලෑස්ති වී පිටව යයි.  කාන්තිට මේ පිළිබඳ වැඩි නිච්චියක් නැත. සමනල කඳු මුදුනින් අහසට නැඟුණු ඉර කළු ගං වතුරට වැටී රටා මවයි.  කාන්ති උදෙන්ම ගඟට යන්නේ දහවලට අව් රස්නේ වැඩි වන බව දැනගෙනය.  උදේට ගමේ ගෑණුන් අඩු නිසා ගංතොටේ කලබලයක් නැත.  ඒත් ඉතින් කාන්තිගේ හිතේ ගමේ ගෑණු කියන කතා මේ දැන් කිව්වා සේ රැුව් පිළිරැුව් දෙමින් ඇසේ.

‘‘ඈ බං කාන්ති උඹ අනුරාධපුරේ වෙච්චි මේ රත්නපුරේට ඇවිල්ලා ඉතින් හේන් කොටන්න කියලැයි’’.

‘‘මෙහෙ ඉතින් පතලකට සෙට් උනොත් තමා’’

‘‘ඉඳුනිල් මල්ලී කියලා අතපය වෙහෙස වෙලා වැඩ කරන එකෙක් යැ බං’’.

‘‘තාත්තට ඉතින් ඔච්චර ඉඩකඩං තිබුණාද? වත්ත වටේටම මැණික්, කිසිම උනන්දුවක් නෑනේ ඇත්තට’’.

‘‘අනික මං අහලා තියෙනවා, මැණික් ගැන හාන්කවිසියක් දන්නේ නැති වුන්ට වාක්කුව තියෙනවා’’.

වාක්කුව කාන්තිට ඇතිවූයේ කුතුහලයකි.

‘‘වාසනාව බං වාසනාව’’.

කාන්ති ගඟට ඇවිත් දැන් අඩ හෝරාවක් පමණ ගතවී තිබේ.  පසුගිය සතියේ අම්මා ආ වේලේ දිගින් දිගටම කියා සිටියේ බඩත් උස්සාගෙන ගඟට බහින්න එපා කියාය.  ඒත් කාන්තිට ගඟට ආවිට ගොඩට යන්න හිතෙන්නෙම නැත.  ගෙඟ් මුදුනින් සමනල අඩවියයි.  ගිරා හොටේ කන්දටත් බෑණ සමනලයටත් මැදිව පෙනෙන සිරිපාදේ ?ට එළිය කෙළින්ම කළු ගඟට වැටෙන්නේ මෙතැනට බව ගම්මු කියනවා කාන්ති අසා තිබුණි. වතුරේ එබී නාන්න පුළුවන් තරමට එතරම් නොගැඹුරු ඇඳුන් වලක් තිබෙන නිසා කාන්ති ට කහටගස්දිගිලිය වැවේ වගේ ජබුන් ගසා පිහිනන්නට, නාන්නට ඉඩ  ඕනෑතරම් තිබේ.  අම්මා වැඩිපුරම බනින්නේ ගෙඟන් ගොඩවී ඉඳුනිල්ගේ ඉඩමට නගින්නට තිබෙන ගං ඉවුරේ බෑවුම බඩ දරු මවකට තියා සාමාන්‍ය කෙනෙකුට වත් නඟින්නට අපහසු බව කියමිනි.

සේදීමට කියා රෙදි එතරම් නොවූවත් හෝරාවක් පමණ ගඟ රැුඳුන කාන්ති ගොඩට ආවේ වැඩි දාංගලේ බඩට හොඳ නැති බව තේරුම් ගෙනය.ඊයේ ඇඳන් ගිය ඉඳුනිල ගේ සුදු කමිසය ත් සරම ත් උදේ අව් රැුල්ලට බාගෙට වේලී තිබුණි.  වැල්ලේ වනා තිබූ තෙත රෙදි අතට ගෙන බාල්දියට දමාගත් කාන්ති ගං ඉවුරට ගොඩවූවා පමණි.   ගංවතුරට ගලක් වැටෙනු වැනි ශබ්දයක් ඇසී හැරී බැලූවාය. මාලූවෙකු බා ගත් පිළිහුඩුවෙකු එගොඩ උණ පඳුරට ඇදුණේ ජයග‍්‍රාහී ලෙසිනි.  මාලූවා දඟලන අයුරු කාන්ති දැක්කත් ඌ ගැන දුකක් නොසිතුනේ පිළිහුඩුවා ගේ දක්ෂකම ගැන හිත හිතා සිටි නිසයි.

ගං ඉවුරේ තිබුණු කිරළ ගහකට බරදී වත්තට පැන ගත් කාන්තිට දැන් ඉදිරියේම පේන්නේ අලූත් පතලේ වාඩියයි.  දැන් පතල බඹ දෙකක් පමණ වු අනුරාධපුරේ වගා ලි`දක් තරමේ වලකි.  අනුරාධපුරේ මෙවැනි ලොකු වලවල් තිබෙන්නේ හේන්වගා කිරීමට ය.නාගෙන පතල ල`ගින් එනවිට කාන්තිට ගමේ ගෑණු කී කතා නැවතත් සිහියට එයි.

‘‘කාන්ති උඹට වාක්කුව තියෙනවා.  පතල් රස්සාවට බැස්සොත් මැණික් හම්බ වෙනවා ෂුවර්.’’

‘‘බූරු ගැහිල්ල වගේ තමයි පිිටියට අලූත් නං වාසිය අත්මුල’’.

‘‘හදිස්සි නොවී ඉදන් පොඩි එකා වාසනාව ගෙනෙයි උඹට.’’

ගෑණු කියන දේ ගැන ලොකු වැටහීමක් කාන්තිට නැතත් ඊයේ ? කාන්තිට හීනෙන් පෙනුන දේ ගැන කාන්තිගේ හිත උනන්දුවක් දැක්වීය.  හීනෙන් පෙනුනේ කාන්තිට මැණික් ගලක් හම්බ වෙන හැටි ය.  රතු ගලක් වු ඒ ගල ගෙ`ග් නාද්දී හම්බ වූ අතර, ඉ`දුනිල්ට පෙන්විමට යාමේදී අවදි වුනු නිසා එහි ඉතිරි හරිය දැක ගන්නට නොලැබුණි.පතල දකිනවිට මැණිකක් ගැන ආශාව වෙනදාට වඩා කාන්තිගේ හිතට දැනුනේ ඒ නිසයි.

පතල් වාඩියට යන වැට මායිමේ ගෙනා බාල්දිය හා රෙදි කිහිපය තැබූ කාන්ති වටපිට බලා ඉල්ලං ගොඩ පසුකරගෙන පතල් වල සමීපයට ගියාය.  දබරය කරකවා බැලූ කාන්තිට හිස් කූඩය පහලට යන අයුරුත් නැවත ඉල්ලං පිරවූ කූඩ ඉහලට එන අයුරුත් පෙනුනි.  එම කූඩය මත ඊයේ ? හීනෙන් දුටු ආකාරයේ ගලක් තිබෙනවා කාන්තිට මැවී පෙනෙන්නට විය.  කාන්ති දබරය නැවැත්වීය.  උදේම ඉඳුනිල්  කොහේ හෝ ගිය නිසා පතලට අද කට්ටිය බසින්නේ ද නැත.  වල වටේ දෙපාරක් එහේ මෙහේ ගිය කාන්ති පතල් වලට බහින්ඩ තිබෙන කඹය දිගේ පහලට බහින්නට විය.  දිය රෙද්දක් ඇඳගෙන සිටි කාන්තිට බඹ දෙකක් පමණ ගැඹුරු මේ වලට බැසීම අපහසු වූයේ බඩකුත් උස්සාගෙන සිටි නිසයි. 

බොහෝ වේලාවකින් ඉතා අමාරුවෙන් වලට බැසගත් කාන්තිට ඉහළ බලද්දී තමන් පොළොව පලාගෙන ගිහින් වගේ දැනුණි.  මඩ ගඳත්, පල්වුනු වතුරත්, පතල් බිත්ති වලට ගසා ඇති කැකිල්ල හා කිතුල් පටි පල් වීමෙන් එන කුයිලයත් නාස් පුඩු හකුලවයි.  කාන්ති වටපිට බැලීය.  තුන් පැත්තකින් වූ පතල් බිත්තියත් අනෙක් පසින් වූ කුහරයක් කාන්තිගේ නෙත ගැටුණි. එහි අඳුර මිස කිසිවක් නොපෙනෙයි.  කාන්ති අඳුර ගුල තුලට රිංගුවේ පියවි සිහියෙන් නම් නොවේ.  දිනක් නාන්නට යමින්  සිටියදී ගං තොටේ ගෑණු කී කතා බිත්ති අතරින් කාන්ති ට ඇසුණි. 

‘‘ඉඳුනිල් හරි ඔතෑනියි බං.  අනුරාධපුරේ එකියක් අහුවුනා ට රත්නපුරේ දන්න එකියක් නම් අහුවෙන්නේ නෑ  ඕකට.’’

‘‘අරං හදා ගත්ත කොල්ලෙක් නේ බං.’’

‘‘කොච්චර වස්තුව තිබුණත් ගන්ඩ පින නෑ.’’

‘‘ඔය වත්තේ මැණික් බෝතලයක් හංගලා තියෙනවලූ.’’  කාන්තිගේ අරමුණ කුළුගැන්විණි.

ඇය කළුවරේ දෝනාව ඇතුලට ගියාය.  මෙම කුහරය තුළ තට්ටු ගසා තිබුණේ නැත.  වටේටම පස් බිත්තිය පමණි.  හේතුව මේ කොටසේ ඉල්ලම තිබීමයි.  අඳුරේ වුවත් බිත්ති අතගාන කාන්තිට හසු වුනේ වඩා ඔපමට්ටම් වූ ඉල්ලම් කැටයකි.  මිට මොලවාගත් විට බත් ගුලියක් තරම් වූ එම ගල්කැටයේ මඩ තැවරී තිබුණි.  කාන්තිගේ බලාපොරොත්තුව එය රැුගෙන සෝදා බැලීමටය. දෝනා කටින් එලියට ආ කාන්ති වල පතුලේ වූ පල් වතුරෙන් ගල්කැටය සෝදා ගත්තාය.  ඉස්ගෙඩියන් වතුරේ ඔබ මොබ යන්නේ කුඩ මාලූ ?නක් මෙනි. හිරු එළියට අල්ලා කරකවා බැලූ කාන්තිට ගල්කැටය ඇතුලේ වූ දීප්තිය පෙනෙන්නට විය.  ඇය වහා වහා බැමි නැග බැස ගියාට වඩා ඉක්මනින් පතල් වලෙන් ගොඩට ආවාය.  රෙදි බාල්දිය අතට ගත් කාන්ති ඉක්මනින් ගෙදර ආවේ තමා සතු වස්තුව ගැන සිතමිනි.

‘‘උඹ අනුරාධපුරේ නෙ බං.  උඹට වාක්කුව තියෙනවා.’’

දෙවැට අතරින් ඇයට ඇසුණි.  කුස්සිය පැත්තින් ගෙට ඇතුලූ වූ කාන්ති දොර මුල්ලට ගියේ යමක් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙනි. ගේ මුල්ලේ වූ ඉල්ලම් කූර අතට ගත් කාන්ති ඇයත් ඉඳුනිලූත් නිදාගන්නා මැද කාමරයට ගියාය.  මේ ගෙදර දොරවල් පහකින් ඇතුලූ විය හැකි එකම කාමරය මෙයයි.  කාන්ති යුහුසුලූව ඇඳ අසල වලක් හෑරුවාය.  සැනකින් එය නවතා කුස්සියට යන කාන්ති තුනපහ කුප්පි තිබෙන රාක්කය මත වූ පරණ මාමයිට් කුප්පියක් ගෙන තමා දියරෙද්දේ සඟවාගෙන තිබූ ගල කුප්පියට දැමුවාය.  කාන්තිගේ හිතට ලොකු සහනයක් දැනේ.  කුප්පිය දෙස සිනා මුසු මුහුණින් බැලූ කාන්ති තමා හෑරූ වලට එය දමා වසා දැමුවාය.

***

‘‘අන්ජනන් දේවී අහනවා මොනවද දැනගන්න  ඕන කියලා.’’

‘‘වස්තුව තියෙන තැන තමයි දැන ගන්න  ඕන.’’

‘‘කට කට’’
ඇදුරාට කේනිති ගිය සෙයකි.

එකිනෙකා මුහුණට මුහුණ බලා ගති.  ඉඳුනිල් මඳක් නැමී ඉස්සරහට ආවේය.

‘‘මේ නිවස තිබෙන්නේ ජලය හඬන තැනක.’’

‘‘එහෙමයි.’’ 

‘‘මේ නිවසේ මීට පෙර වස්තු සම්භාරයක් තිබුණු තැනක්.’’

‘‘එහෙමයි.’’ 

‘‘අංජනන් දේවි අහනවා තව මොනවද දැනගන්න  ඕන කියලා.’’

‘‘මේ වස්තුව කාට හිමිද කියලා දැනගන්න තියෙනවනම්.’’

ඉඳුනිල් යහළුවන්ගෙන් විමසයි.  උඩු රැුවුලක් ඇති, විට හපයක් කන, ඇස් ගෙඩි මොර ගෙඩි තරම් වූ නිශ්ශංක ඉතා ගිජු ලෙස අංජනං තට්ටුව අසලට ආවේය.

‘‘මේ වස්තුව තියෙන්නේ ගේ සීමාවෙම කියලා තමයි පෙන්නුම් කරන්නේ.  මුත්තා කෙනෙක් ගේ බැල්ම තියෙනවා.  බහිරව පූජාවක් දෙන්න  ඕන.’’

ඉඳුනිල්ගේ ඔළුව ආයෙත් විකාර විය.  මේ අංජනන් බැලූ හත්වෙනි වතාවයි.  අංජනන් දේවී එක එක දවසට එක එක දේ කියයි.  කොහොම වුනත් ඉඳුනිල්ගේ මුත්තා කෙනෙක් මැණික් ගල් කිහිපයක් බෝතලයකට දමා වත්තේ කොහේ හෝ යටකර ඇති බව ගමේ මිනිසුන්ගේ විශ්වාසයයි.ඉඩමේ පතල දාන්න උනන්දු වුනු නිශ්ශංකලා, අතුලලා මේ ගැන හොඳින්ම දන්න නිසා මැණික් බෝතලේ ගොඩ ගැනීමට ඉඳුනිල්ව උනන්දු කරවන්නේ ඔවුන් විසිනි.

ඉඳුනිල් එන ගමන් කල්පනා කලේ කාන්ති ගැනය.

‘‘උඹ මේ ගැන වැඩිය ගෑණිට කියන්න යන්න  ඕන නෑ.  ගෑණුත් එක්ක බෑ  ඕවා කරන්න.’’

පතල් වාඩියට වී ඉතිරි වුනු රා කට්ට සප්පායම් වන අතරේ නිශ්ශංක කීවේය.  ඉඳුනිල් රා කට්ටක් වත්කරගෙන එක උගුරට බීගෙන ගියේය.  අතුල හා නිශ්හංක ඒ දෙස බලාගෙන හිටියේ පුදුමයෙනි.  ‘‘හිමිහිට බීපන්’’  මයියොක්කා කෑල්ලක් කටේ දාගත් අතුල කීවේය.

‘‘අපි එනවා හෙට ?ට.  මං ඔක්කොම ලෑස්ති කරගෙන එන්නම්.’’ කියා  යන්නට ගොස් නැවතී හැරී ආ නිශ්ශංක,

‘‘අද අපි අංජන බලන්න යන වග කවුද දන්නේ’’යැයි ඇසුවේ මුහුණට ඇ`ගිල්ල දිගු කරමිනි.
  
‘‘කවුරුත් දන්නේ නෑ නිශ්ශංක අයියේ.’’ ඉඳුනිල් කිවුවේ කේන්තියෙනි.
      
            ***
කාන්ති ට හවස් වරුවම අවදි ව සිට ඇහැ පියවුනේ තෙහෙට්ටුව නිසාය.  ඉඳුනිල් කල්පනා කරන්නේ හෙට ගැනය.  වත්තේ හැමතැනම වලවල් හාරා තිබේ.  හෙට වලක් හාරන්න වෙන්නේ ගේ මැද්දේ බව ඉඳුනිල් දනී.

‘‘ඔව්, මේ කාමරේ තමයි  ඕක තියෙන්නේ.  තාත්තා හිටියෙත් මේ කාමරේනේ.’’

ඉඳුනිල් තමන්ටම කියා ගත්තේය.  ඇද විට්ටමට හිස තබාගෙන නිදා සිටි කාන්තිට ඒ වදන් ඇසුනේ හීනෙන් මෙනි.

‘‘මොකක්ද ඔයා කිව්වේ.’’

‘‘ආ..... මේ....... නෑ.....’’

‘‘අද මොනවද අංජනමට කිව්වේ.’’

‘‘මුත්ත හංගපු මැණික් බෝතලයක් තියෙනවලූ.  හෙට ? එනවා කට්ටිය බලන්න.’’

ඉඳුනිල් කියවාගෙන ගියේ කාන්තිගේ බඩ ද අතගාමිනි.  කාන්ති ගැස්සිනි.

‘‘ඇයි, ඔයාට අමාරුද?’’

‘‘නැහැ.’’

කාන්තිගේ සිහියට ආවේ දවල් තමා හංගපු කුප්පියයි. 

‘‘ගේ ඇතුලේ තමයි තියෙනවා කිවුවේ.’’  ඉ`දුනිල් කියද්දී කාන්තිට දෙලොව රත්විය.  ඇයට නින්දක් අහලකටවත් එන්නේ නැත. කණාමැදිරියෙකු ගේ නිවි නිවි පත්තුවෙන එළිය කාන්තිගේ ඇස් නිලන්කාර කරයි.

‘‘බහිරව පූජාවකුත් දෙන්න  ඕනලූ.  අතේ සල්ලිත් නෑ.  ඔයා ලඟ තියෙනවද?’’  කාන්තිට ඇසුනත් පිළිතුරු දෙන්නට මේ අඳුර ඉඩ නොදෙයි.

ළඟදී මිය ගිය ඉඳුනිල් ගේ තාත්තාගේ සොහොන පැත්තෙන් නරි ?නක් හූ කියයි.  ඉඳුනිල් ට නින්ද ගොස්ය.  ගොරවන ශබ්දයෙන් එය තේරුම් ගත හැකිය.  කාන්ති ශබ්ද නොඇසෙන සේ ඇෙ`දන් නැගිට්ටාය.  ඉතා සෙමෙන් අඩි තබමින් දොර මුල්ලට ගිය කාන්ති අඳුරේ අතපත ගා ඉල්ලන් කූරත් ගෙන මේ සැරසෙන්නේ දහවල් වලදැමූ කුප්පිය ගොඩ ගැනීමට ය.  සියලූ ශබ්ද එකවර අඩු වී ගියේය.  නරි ?න ගඟ දෙසට ගියා විය යුතුය.  බිම හාරන හඬ පමණක් ඇසේ.  ටකස් හඬින් ඉල්ලන් කූර මාමයිට් කුප්පියේ වැදුණි.  ඉල්ලන් කූර බිම දමා අතින් පස් ඉවත්කළේ කුප්පිය ගන්නටය.  ඇස් පියවෙන තරමේ සුදු ආලෝකයක් කාන්තිගේ මුහුණට එල්ල විය.  ඉඳුනිල්ගේ කෑලි දෙකේ ටෝච් එළියට කාන්තිගේ වෙහෙසුනු ඇස් හසුවිය.  දහඩිය බිඳු දිලිසෙන්නට විය.  ඇය සෙමෙන් සහ බයෙන් ඇඳ විට්ටමට වාරු දී නැගිට්ටාය.  ඇය අත දුඹුරු පැහැති කුප්පියකි.  ඉඳුනිල්ට පියවි සිහිය එළවා ගත නොහැකි විය.  මුත්තා වල දැමූ මැණික් බෝතලය කාන්ති ගොඩ ගෙන තිබේ.  එය මාමයිට් බෝතලයකි.  වැඬේ වැරදී ඇත.

‘‘කාටවත් කියන්න එපා.  උඹේ ගෑණි තමයි විශ්වාස නැත්තේ.’’

නිශ්ශංකගේ හඬ කාමරයේ දොරවල් අතරින් ඉඳුනිල්ට ඇසෙන්නට විය.  ඉඳුනිල් ක්ෂණයකින් කාන්තිව පෙරලා දැමුවාය. ඇය අත වූ කුප්පිය තමා සතු කර ගත්තේය.  කාන්ති කැරකී ගොස් ඇඳවිට්ටමේ හිස වැදුණි.  ඉඳුනිල් ඉතා ඉක්මනින් කාමරයෙන් එළියට ආවේය.  හඳ පායා තිබුණි.  වැලේ වනා තිබුණු සුදු ඇඳුම් හොල්මන් සේ පෙනුණි. සිත ගැස්සුණි.

‘‘අපි එනවා හෙට ?ට’’

නිශ්ශංක අංජනන් තට්ටුවත් රැුගෙන හෙට ?ට එයි.  දැං අංජනමෙන් බලාගන්නට දෙයක් නැත.  ඉඳුනිල් බෝතලය හඳ එළියට අල්ලා බැලූවේය.  බත් ගුලියක් තරම් ලොකු ගල් කැටයක් රතු පාටින් දිලිසුනි.  ඉඳුනිල් කල්පනා කරන්නට විය.  දැන් කරන්නට දෙයක් නැත.  හෙට උදේම මැණික් බෝතලය ගත් බව ගමටම ආරංචි වෙනු ඇත.  නිශ්ශංක තමන්ව මරණ බව ස්ථිරය.

බෝතලය තුළ තිබෙන්නේ එක ගලක් නිසා නිශ්ශංක එය ද පිළිගන්නේ නැත.  අනෙක් ගල් සඟවා ගත්තා යැයි සිතා සිදු වූ කිසි දෙයක් විශ්වාස කරන්නේ ද නැත.  නිශ්ශංක, අතුල පමණක් නොව ගම්මුද තමා පසුපස එන අයුරු ඉඳුනිල්ට මැවී පෙනුනි.  අවසිහියෙන් මෙන් ඉඳුනිල් පතල දෙසට ගියාය.  වල වටේ ඇවිද්දේය.  සොහොන් කොත අසල වසා සිටි බස්සෙක් තටු සලා ඉගිලූණි.  බෝතලය විවර විය.  ඇස් දෙක පියාගෙන ගල ඉවතට ගත් ඉඳුනිල් ගල හොඳින් අත ගා බැලූවේය.  පෙරේත ගඳක් වැනි ගඳක් හමන්නට විය. අපුලෙන් වුවත් ගල නහයට ගත් කල ඉඳුනිල්ට මාමයිට් සුවඳ හඳුනා ගත හැකි විය.  ඉඳුනිල්ගේ ඇස් ඇරුණි.  තැනින් තැන ගෑවී තිබුණ මාමයිට් පිසදා බැලූ විට ඉඳුනිල් ගලේ වූ අලූත් ගතිය අවබෝධ කර ගත්තේය.  තැනින් තැන පළුදු වුනු සුදුපාට ගලක් වූ එය සඳ එළියට අල්ලා බැලූවේය.  ජබොස් හඬින් මාමයිට් බෝතලය පතල් වලට වැටුණි.  බෝතලය තුළ වූ එළිය දැන් නැත.  එය නිකම්ම නිකං ඉල්ලං කැටයකි.  කළු වළාකුලකට සඳ වැසී ගියේය.  ඉඳුනිල් යටිගිරියෙන් කෑ ගැසීය.  අසල කිරි අල ගාලේ සිටි ඌරු මීයෙක් කැලේ කඩාගෙන ගඟ දෙසට දිවුවේය.  ගල් කැටය වැරෙන් ඈතට වීසිකල ඉඳුනිල් හිස අල්ලාගෙන එතැනම ඉඳගත්තේය.  ඔහුගේ හිස බමන්නාක් වගේ දැනිණි. 

‘‘ඔය මැණික් බෝතල් පස්සේ යන්න  ඕනෑ නෑ.  පොඩි එකා ලැබුණාම හැම දේම හරියයි.’’

කාන්තිගේ හඬ ඇඬුම් ස්වරයෙන් දෝංකාර දුුනි.  ඉඳුනිල්ට උන් තැනින් නැගිට ගන්නට තරම් හයියක් කකුල් දෙකේ නොතිබුණි.  කට හැර කෑගහන්නට නොහැකි තරමට ඔහු අකර්මන්‍ය විය.  සොහොන් බිමේ සිටි බස්සාගේ හඬ පමණක් පරිසරයේ ඉතිරි විය.

මංගල කීර්ති ද පැස්කුවල්  
රත්නපුර.                





7 comments: